දුම්රිය රැකියාවක් පෙන්වා 70,000 ක් අල්ලස් ගත් අයෙක් වසර 14ක් හිරේ

229

තමා දන්නා හඳුනන වගකිවයුතු පුද්ගලයන් මාර්ගයෙන් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 70,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි කියන විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (27) බරපතළ වැඩ සහිත වසර 14 ක සිර දඬුවම් නියම කළේය.

එකී සිරදඬුවම වසර හතක කාලයකින් එකවර ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළ විනිසුරුවරයා උපුල් දයානන්ද අල්විස් නමැති එම විත්තිකරුට රුපියල් 20,000 ක දඩයක්ද නියම කළේය.

2017.4.10 වැනිදා හා 2017.10.20 වැනිදා කාලය අතරතුරදී මහනුවරදී එකී අල්ලස් ලබාගත් බවට විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් ඩයනා කොඩිතුවක්කු මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment