දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ කාර්යාලවල යතුරු රැගෙන ගිය පුද්ගලයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය කටයුතු කරන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා “දිවයින”ට පැවසීය.
දුම්රිය වර්ජනය මුවාවෙන් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. වර්ජනය නොතකා ධාවනය කෙරෙන දුම්රියවලට පොලිස් ආරක්ෂාව ලබාදෙන බව පොලිසිය කියයි.
වර්ජනය නොතකා සේවයට වාර්තා කිරීමට පැමිණෙන දුම්රිය නිලධාරීන්ට හිරිහැරයක් හෝ තර්ජනයක් සිදු කළහොත් එම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව ද පොලිසිය පවසයි.
නෝමන් පලිහවඩන