‘දුරකථනයේ ‘ කෑලි හැලේ

10211

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අත්තනෝමතික ක්‍රියා කළාපයන් නිසා හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් හමුවේ දේශපාලන පක්ෂ දෙකක් ඉවත්ව යාමට කල් බලමින් සිටින බව වාර්තා වේ.රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එසේ ඉවත්ව යාමට කල්යල් බලමින් සිටින බව හෙළිවේ. මැයි දින රැලියේදී සමගි ජන බලවේගය ප්‍රචාරය කරන තරම් සාර්ථකත්වයක් පෙන්වීමට අසමත්වීම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායකයින් මතබේදයක පසුවන බව වාර්තා වේ.සජිත් ප්‍රේමදාස තම ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට උත්සාහ කරනු හැර පක්ෂය ගොඩනැඟීමට උනන්දුවක් දක්වන්නේ නැතැයි ද එම පක්ෂ චෝදනා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment