ඇල්පිටිය ප්රාදේශීය ලේකම් කාර්යාල බල ප්රදේශයට අයත් අංක 50 ජී සමුපකාර ගොඩනැගිල්ල අසල ස්ථාපිත කර ඇති දුරකථන කුලූන මගින් නිකුත් වන තරංග නිසා ඔවුන් විවිධ චර්ම රෝග සහ ලෙඩ රෝගවලට ගොදුරු වන බව පවසා එය ඉවත් කර දෙන ලෙස ඉල්ලා අවිත්තාව ග්රාමීය බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පවුලක් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
පසුගිය 29 දින ජනක උනන්විට යන අය බිරිඳ සහ පුතා විසින් ආරම්භ කරන ලද මෙම උපවාසය (පෙරේදා) 06 වන දින සිට ඔහුගේ බිරිඳ වන හර්ශනි දිමුතු කුමාරි විසින් ආහාර පානවලින් වැළකී මාරාන්තික උපවාසයක් බවට පත් කරමින් මේ වනවිටත් උපවාසයේ නිරතව සිටී. මේ දක්වා කිසිදු බලධාරියෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදුන් බව ප්රදේශවාසීහු පවසති.
නියාගම – විල්සන්ට් විජේසිංහ