පොදු ප්‍රවාහන සේවා පළාත් අතර ධාවන කටයුතු අද (02) දින ආරම්භ කෙරිණි.
ඒ සඳහා දුම්රිය සහ අමතර බස් සේවා වැඩි වශයෙන් යෙදවීමටද බළදාරීන් ක්‍රියා කර තිබිණි.
සියලුම රාජ්‍ය සේවකයින් අද (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවනු ලැබීම හේතුවෙන් මෙලෙස පොදු ප්‍රවාහන සේවා වැඩි කිරීමට පියවර ගනු ලැබීය.
මේ අතර දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද අද සිය රාජකාරී සඳහා වාර්තා කළ යුතුව ඇත.