දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්

346

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වන දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හා කටයුතු කිරීම වසර 20කට තහනම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ චර්යාධර්ම කොමිසම විසින් 2-23 වගන්තිය යටතේ විමර්ශන කටයුතු කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේදී Melbourne Stars කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළේය. පසුව දුලිප් වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසටත් පත්වුණා.

දුලිප් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග හතකට ක්‍රීඩාකර තිබෙනවා. ඉන්පසු වසර 10කට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කළා.

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත් මෙම චෝදනා අනාවරණයෙන් පසු ඔහු ඉන් ඉවත් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment