දුව ගෙනියන්න රාත‍්‍රී ජාමයේ පැමිණි පෙම්වතාට නැන්දම්මාගෙන් ඇසිඩ් ප‍්‍රහාරයක්

1688

වැඩිහිටියන්ගේ අකමැත්තෙන් තම දියණිය විවාහකර ගැනීමට නියමිතව සිටි තරුණයකුට නැන්දම්මා විසින් ඇසිඞ් ගැසීමේ සිද්ධියක් මැදගම ඉලූක්කුඹුර – බදුල්ලගොල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වේ. ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ තරුණයා එක්දරු පියෙකු වන අතර පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත.

පසුව තරුණයා තම මවගේ සහෝදරයාගේ දියණියක් සමග පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතිකර ගෙන තිබේ. ඊට තරුණියගේ මව සහ පියා විරුද්ධවී ඇත.

රාත‍්‍රි කාලයේ තරුණයා පෙම්වතියව කැඳවාගෙන යෑමට පැමිණි අවස්ථාවේදී ඇයගේ මව විසින් පෙරේදා (22 දා* රාත‍්‍රී ඔහුට ඇසිඩ්  ගසා ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇති තරුණයා දැනට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ. ඇසිඞ් ගැසූ කාන්තාව මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මැදගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment