දූෂණ දර්ශකයෙන් ශ්‍රී ලංකාව 101 වැනි තැන – මහ බැංකුව කියයි

210

දූෂණ සංජානන දර්ශකයේ රටවල් 180 අතුරින් ශ්‍රී ලංකාව (2022) වර්ෂයේ දී 101 වැනි ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව 101 වැනි ස්ථානයට පත්වීමෙන් රටේ දූෂණය බහුලව සිදුවන බවට පැහැදිලි වන බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූල වන පරිදි දූෂණ විරෝධී පනත ගෙන ඒම ඉතාමත් සුදුසු බව මහ බැංකුව පෙන්වා දෙයි.

දූෂණය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග හා විනිවිදභාවය ඉහළ නැංවීමේ ක්‍රියාවලින් ශක්තිමත් කිරීම ද පලදායි නොවන රාජ්‍ය වියදම් කපා හැරීම ද ඉතා වැදගත් බව මහ බැංකුව සඳහන් කර ඇත. එමෙන්ම රාජ්‍ය මූල්‍ය විචක්ෂණභාවය හා රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කැපවිය යුතු බව ද මහබැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment