දූෂණ, වංචා සෙවීමේදී ඉන්ධන ආනයනයේදී එදා සිදුවූ කෝටි 3600ක වංචාව ගැනත් සොයන්න

925

ජනක ජනපතිගෙන් ඉල්ලයි

දූෂණ වංචා සොයන්නේ නම් ඉන්ධන ආනයනය හා මිලදී ගැනීමේදී 2022 මාර්තු 1 වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ සිදුව ඇති රුපියල් කෝටි 3600ක (බිලියන 36ක) මුදල් වංචාව ගැනත් සොයන්නැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස 2022 ජූලි 08 දින කෝප් කමිටුවේ අවධානයට යොමු කරන ලද ඉන්ධන මිලදී ගැනීමේ වංචාවක් සිදුවීම හා ඉන්ධන මිල රු. 200/-කින් අඩුකළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන මා විසින් කෝප් කමිටුවට භාරදෙන ලද ඉන්ධන මිලදී ගැනිීමේ සියලුම ලේඛන හා රේගුවේ ලිපි ලේඛන සියල්ල එම අවස්ථාවේ හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයා සහ විගණකාධිපතිවරයා තීරණය කරනු ලැබුවේ ඒ සඳහා විමර්ෂණයක් කිරීම අනුව මෙහි විශාල මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව විගණකාධිපති වාර්තාව අනුව 2023 අගෝස්තු 17

විගණකාධිපතිවරයා විසින් මේ රුපියල් බිලියන 36ත් දේශපාලඥයන් හා නිලධාරීන්ගෙන් අයකර ගැනීම සඳහා නිර්දේශ නිකුත් කර තිබෙනවා. මීට අමතර 2022 බිලියන 36ක මූල්‍ය වංචාවක් පිළිබඳ සිදුවී ඇති අතර 2022 හා මේ වංචාවට අමතරව ක්‍ඡක්‍ ආයතනය හා ෂධක්‍ ආයතනය ඇතුළු අනෙකුත් සියලුම ඉන්ධන බෙදාහැරීම තුළින් 2022 හා 2023 වර්ෂය තුළ රුපියල් බිලියන 200කට වඩා අධික ලාභයක් ලබා ඇති බවත් මේ ලාභය තුළින් එය මහජනතාවගෙන් අනීතිකව ලබාගත් මුදලක් අනාවරණය වී තිබෙනවා. මේ පිළිබඳව විගණන වාර්තාවේ හෙළිකිරීම් ගැනද සඳහන් කළ හැකිය.

2022 මාර්තු 1 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ ඩීසල් මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගුකාලීන ගිවිසුමකට අත්සන් තබා තිබූ අතර එම ගිවිසුම යටතේ ඩීසල් බැරලයක් ඩොලර් 6.98කට සැපයීමට අදාළ සමාගම එකඟ වී තිබුණි. එහෙත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අදාළ සමාගමෙන් ඩීසල් මිලදී ගැනීමේදී බැරලයකට ඩොලර් 24 බැගින් ගෙවා ඇත. ඩීසල් බැරලය ඩොලර් 6.98ට මිලදී ගැනීමට ගිවිසුම යටතේ හැකියාව තිබියදී එම සමාගමට බැරලයකට ඩොලර් 24 බැගින් ගෙවීම හරහා කර ඇති වංචාව රුපියල් මිලියන 3,047කි.

ඩීසල් බැරලයක් ඩොලර් 6.98 යටතේ සැපයීමට සමාගමක් සමග ගිවිසුම් ගතව තිබියදී වෙනත් සමාගම් දෙකකින් අදාළ කාලය තුළදී ඩීසල් බැරල් 922,381ක් මිලදී ගෙන තිබුණේ ඩොලර් 13.83, ඩොලර් 19.87 සහ ඩොලර් 17 යන අධික මිලගණන් යටතේය. මේ හරහා කර ඇති වංචාව රුපියල් මිලියන 3,382කි. 2.2.4(ජ* වගන්තියෙහි උප වගන්ති සසලසසස හා 2.2.4. :ා* යටතේ කර ඇති හෙළි කිරීම් බාල ඉන්ධන ආනයන කර ඉහළ ගුණාත්මක තත්ත්වයේ ඉන්ධනවල මිල ගණන් ආදේශ කර මිලදී ගැනීම හා සම්බන්ධ වංචාවන්ය. ඒවා පහත පරිදි සාරාංශ කරමි. 2022 වසර තුළදී ලංකා ඔටෝ ඩීසල් බැරල් 1,820.012ක් ආනයනය කර ඇති අතර ඒවා සඳහා මිල නියම කිරීමේදී නියම පිරිවැය වෙනුවට ඉහළ ගුණාත්මක ඉන්ධනවලට ගෙවන සිංගප්පූරු මිල පදනම් කරගෙන ගෙවීම් කර ඇත. ඒ හරහා කර ඇති වංචාව රුපියල් මිලියන 3,873කි.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් ණය යටතේ ඩීසල් බැරල් 599,722ක් ආනයනය කර ඇති අතර මෙසේ ආනයනය කර ඇත්තේ පහළ ගුණාත්මක තත්ත්වයක ඉන්ධන වුවද ඒවාට මිල නියම කිරීමේ උසස් ඉන්ධන සඳහා ගෙවන සිංගප්පූරු මිල ගණන් පදනම් කරගෙන පිරිවැය පෙන්වා කර ඇති වංචාව රුපියල් මිලියන 1,670කි. 2022 වර්ෂයේද අවස්ථා 3කදී සයිබීරියාවෙන් බාල බොර තෙල් බැරල් 2,023,509ක් ගෙන්වා ඇති අතර මේවායේ පිරිවැය ගණනය කර ඇත්තේ උසස් ඉන්ධන සඳහා ගෙවන සිංගප්පූරු මිල ගණන් පදනම් කරගෙනය. එම ගනුදෙනුවෙන් කර ඇති සමස්ත වංචාව රුපියල් මිලියන 17,876කි.

අඩු මිලකට ගෙන්වූ ඉන්ධන වැඩි මිල ගණන් යටතේ මිල නියම කර ජනතාවට අලෙවි කිරීමෙන් ජනතාව අතිරේකව දරා ඇති වැයබර රුපියල් කෝටි 3,000කට ආසන්න වේ. එය ගෙවා ඇත්තේ සමස්ත පාරිභෝගිකයන් විසිනි.


advertistmentadvertistment