දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වැනිදා විවාදයට

110

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (08) තීරණය කර ඇත.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (8 දා) පැවැත්විණි.

රටේ දූෂණය වැළැක්වීම අරමුණින් ගෙන එනු ලබන දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති 28 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට පසුගියදා දැනුම් දුන්නේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment