දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාවේ තුන්වැනි තැන දිනා මෙරටට

16

පකිස්තානයේ පැවති 04 වන දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගෙන ඊයේ (05දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 23 දින සිට 12/03 දක්වා ලෝකයේ රටවල් 07 ක් නියෝජනය කළ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පාකිස්තානයේ මුල්ටාන් නුවර පවත්වා තිබුණි.

මෙම තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සඳරුවන් ක්‍රීඩකයා නම් කර තිබූ අතර, මෙම තරගාවලියේ පැවති තරග තුනකදීම, අප ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනකු එම තරගවල වීරයා (Man of the Match) සම්මානය දිනා ගැනීමට ද සමත් වී තිබුණි.

දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාවේ තුන්වැනි තැන දිනා මෙරටට

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05දා) අලුයම 12.45 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ් – 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිගැනීම සඳහා මෙම ක්‍රීඩකයන්ගේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියද, ඔවුන් වෙත පැවති මූල්‍ය දුෂ්කරතා නිසා, ඔවුන් ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත ඇතුළු නොවී සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment