රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු පොරොන්දු වූ සහන අපේක්ෂා කළත් ඒවා ඉටු නොවූ බවත්, පාස්පෝට් පෝලිමට විසඳුම් දෙනවා කිව්වත් එයද ඉටු නොවූ බවත් ජනතාව රැවටු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සිටියේ මැද කොළඹ දී පැවැති ජනහමුවකදීය.
පීඩනයෙන් අසහනයෙන් සිටින බහුතර ජනතාවට දෙනවා කියූ සහන නොදුන් බවත්, මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නොවන බවත්, මේ ගැටලුවලට විසඳුම් දෙන්න බැරිව රජයත් ජනතාවත් අසරණ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසෙම මැතිවරණ වේදිකාවේ කියූ කිසිම බදු අඩු කිරීමක් නොවූ බවත්, මේ බදු අඩු කරන්න අයි.එම්.එෆ්. එකඟතාව නොලැබුණු බවත් අයි.එම්.එෆ්. සමාලෝචනය පවා කල්දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවද අයි.එම්.එෆ්. එකේ පදේට නටන්නෑ කිව්ව අය අද අයි.එම්.එෆ්. එකේ පදේට නටන රූකඩයක් වෙලා. සමගි ජන බලවේග රජයක අයි.එම්.එෆ්. එකත් සමග සාකච්ඡා කර බදු බර, බඩු මිල හා විදුලි බිල අඩු කරන බවත් නව අයි.එම්.එෆ්. ගිවිසුමකට යන බවත් එමනිසා මේ කයිවාරුකාරයන්ට නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.