දෙපැත්ත බැලන්ස් කළ බැලන්ස්

235

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පසුගිය දා පැවති ටෙස්ට් තරගයේ ශතකයක් රැස් කිරීමට හිටපු එංගලන්ත සහ වත්මන් සිම්බාබ්වේ ක්‍රීඩක ගැරී බැලන්ස් සමත් වීමත් සමග ලොව එවැනි දස්කමක් වාර්තා වූ දෙවන අවස්ථාව බවට එය පත් වූයේය.

මෙතෙක් ටෙස්ට් ඉතිහාසයේ එම දස්කම පා ඇත්තේ ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ටෙස්ට් ශතක ලබාගත් කෙප්ලර් වෙසල්ස් ය.

බැලන්ස් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය එය වූ අතර ඔහු එම තරගයේ දී නොදැවී ලකුණු 137ක් ලබා ගත්තේය.

මීට පෙර එංගලන්තය නියෝජනය කරමින් 2014 -2017 කාලසීමාවේ ටෙස්ට් තරග 23ක් ක්‍රීඩා කරමින් ලකුණු 37.45ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වූ බැලන්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ශතක හතරක් රැස් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment