හිසට සෙවණක් නොමැතිව දිරාපත් වූ නිවසක ජීවත් වූ දෙබත්ගම, උඩබාගෙ ග්‍රාම නිලධාරී වසමේ දිළිඳු පවුලක් වෙනුවෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මූල්‍යාධාර මත ඉදිකළ නව නිවස භාරදීමේ අවස්ථාව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අරණායක ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමලී පියතිස්ස මහත්මියගේ මඟපෙන්වීම යටතේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සාගරිකා කුමාරි මහත්මියගේ මෙහෙය වීමෙන් නව නිවස ඉදිකර තිබුණි.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ රුපියල් නව ලක්ෂයක මූල්‍ය ප්‍රතිපාදන සහ ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාග සහ ශ්‍රම දායකත්වය යටතේ දෙබත්ගම, උඩබාගේ එන්. ඩී. විමලාවතී මහත්මිය ඇගේ ආබාධිත වැඩිමහල් පුතු හා බිරිඳ හැරගිය බාල පුතු හා ඔහුගේ දරුවන් දෙදෙනා අබලන් නිවසේ දිවිගෙවා ඇති අතර ඔවුන් වෙනුවෙන් නව නිවස ඉදිකර තිබුණි.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ, අරණායක ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමලී පියතිස්ස, පරිපාලන ග්‍රාමනිලධාරී රුක්මන් නිශාන්ත, උඩබාගේ ග්‍රාම නිලධාරිනී පී. වී. ආර්. එම්. ජයතිලක, ආර්ථික සංවර්ධන නිලධාරිනී එන්. වී. එස්. එම්. සමරකෝන්, සංවර්ධන නිලධාරී එම්. ජී. කේ. ටී. තිලකරත්න, සමෘද්ධි සංවර්ධන නිලධාරී එස්. එම්. බණ්ඩාර සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ඩබ්. එම්. ජී. ජී. වාසල යන මහත්ම මහත්මීන්, අරණායක වැඩිහිටි බලමණ්ඩලයේ නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීව සිටියහ.
අරණායක – රෝහණ ජයරත්න