දෙමටගොඩ චමින්දගේ බිරිඳ අල්ලන්න නියෝග

85

නීති විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 50කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවි ජයනාත් නමැත්තාගේ බිරිඳ වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මේ වනවිට විදේශගත වී සැඟවී සිටින්නේ යැයි කියන වජිරා වාසනා නමැති එම කාන්තාව ගුවන් තොටුපළින් මෙරටට පැමිණියහොත් වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ආගමනවිගමන පාලකවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි පනහකට අධික දේපළ, රට හැරගොස් සැඟවී සිටින ඔහුගේ බිරිඳ නමට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment