2024 ජූලි මස 19 වෙනි දින කඩා වැටුණු බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරයේ ඉපැරණි බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇත.
රුහුණු ප්‍රදේශයේ රජකම් කළ මහානාග රජු සමයේ ඉදිකරන ලද මෙම බුද්ධ මන්දිරය 1991 වසරේදී එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි.
ප්‍රදේශයට හමා ගිය තද සුළඟින් බුද්ධ මන්දිරයේ වහලය එහි ඇතුළට කඩා වැටීමෙන් බුද්ධ මන්දිරයට හානි සිදුවී ඇත.
බුද්ධ මන්දිරය යළි ප්‍රතිසංස්කරණය කරන ලෙස විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව මොනරාගල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස්. තිලකරත්න යන මහත්වරුන් විහාරස්ථානයට පැමිණ ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේදී විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා කරන ලදි. ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ සහාය ද ලබාගෙන එහි වැඩකටයුතු සිදුකිරීමට නියමිතය.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක