දෙමළ ඡන්ද බලාගෙන සජිත් ‘13’අවුස්සනවා

1

ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර

දමිළ ජනතාවගේ ඡන්ද ලබාගන්න තියෙන වුවමනා නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට උකස් තියන්න හදනවා යැයි නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (10දා) හෝකන්දර ප්‍රදේශයේ පැවැති හමුවක දී සඳහන් කළේය.

කිළිනොච්චියේ දී විපක්ෂ නායකවරයා එම ප්‍රකාශය කර ඇති බවත් එම නිසා එය දෙමළ ජනතාවගේ ඡන්ද ඉලක්ක කර කළ ප්‍රකාශයක් බව වඩාත් තහවුරු වන බවත් හෙතෙම සඳහන් කළේය.

සුගීෂ්වර බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.

‘13‘ බලාත්මක කරන වැඩේ එක පාරටම නින්දෙන් ඇහැරිලා වගේ විපක්ෂ නායකවරයාට මතක් වෙලා.

මෙච්චර දවස් නිශ්ශබ්දව ඉඳලා ඉන්දියානු බලහත්කාරකම් බලෙන් අපේ ජනතාවගේ පිට පටවන්න ලෑස්ති වුණොත් විපක්ෂනායකවරයා විතරක් නෙවෙයි ඕනෑම කෙනකුට දකුණේ ජනතාවගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්. අපි විපක්ෂනායකවරයාට කියනවා කටට ආව පළියට ඡන්ද බලාගෙන 13 ගැන නන් දොඩවන්න එපා කියලා. ඒ වගේම රට හමුවේ හරියට පැහැදිලි කරන්න ඕනෑ ඔහු මේ බලතල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. විශේෂයෙන් ම පොලිස් බලතල, ඉඩම් බලතල පිළිබඳ හරි පැහැදිලි කිරීමක් වහාම ඔහු කරන්න ඕනෑ. ජනාධිපති සිහිනය දකිමින් විපක්ෂනායකවරයා කරන මේ ප්‍රකාශ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති භේදයකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතුයි.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment