දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට

109

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර ක්‍රියාත්මක වන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

 එම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ අතර මේ වනවිට රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.

 දෙරට අතර දෙවැනි ටෙසට් තරගය ලබන 24 වැනිදා ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment