සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක සහ ලකුණු 58ක ජයක් නවසීලන්තයට හිමි විය.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 164ක් සහ දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 580ක් ලබා ඉනිම අත්හිටුවීය. මේ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලියේ ජය නවසීලන්ත කණ්ඩායමට 2-0ලෙස හිමි විය.
|