මෙරට තුළ කොවිඩ් මර්දන දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීමට, ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 104,000ක් අද (02දා) අළුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.
මේ බව ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සහ කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත්, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් අද අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
කටාර් ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .