දෙවියන් ඉදිරියේ ක්‍රීඩා කිරීම Thank God

244

Thank God චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ මැණිකේ ගීතය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා මාධ්‍යට නිකුත් කරනු ලැබිණි. Thank God චිත්‍රපටය ලබන අඟහරුවාදා (25 දා) ලොවපුරා තිරගත වනු ඇත’ එය දීපාවලි දිනය ආසන්නයේ දී සිනමා ශාලා වෙත උත්සවාකාරයෙන් නිකුත් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඇතුළු සියලු දෙනාම බලවත් අපේක්ෂාවෙන් බලා සිටින බවත් හින්දුස්තාන් ටයිම් පුවත්පත වාර්තා කර තිබිණි.

දෙවියන් ඉදිරියේ ක්‍රීඩා කිරීම Thank God

‘මැණිකේ මගේ හිතේ’ ඉන්දියාව කලඹමින් සිටින්නේ එහි හින්දි පරිවර්තන ගීතය නිකුත්ව ඇති නිසාය’ හින්දියෙන් මෙන්ම මැණිකේ ගීතයේ සිංහල කොටසකුත් එයට ඇතුළත් වීම මෙරට සිංහලයන්ට වඩා ආශ්වාදජනක වී ඇත’ .රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා’ සිංහල පද මෙහි අඩංගු වේ’ මැණිකේ හින්දි ගීතය පස් වතාවක් පටිගත කර ඇති අතර එහි පළමු පටිගත කිරීම සිදුව ඇත්තේ පසුගිය වසරේය’ යොහානිගේ හින්දි උච්චාරණය නිවැරදිව ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස පස්වතාවක් පටිගත කර ඇත’ බොලිවුඩ් හන්ගමා වැඩසටහන සමග එක්වෙමින් යොහානි මේ කරුණු හෙළිකර තිබිණි.

දෙවියන් ඉදිරියේ ක්‍රීඩා කිරීම Thank God

‘තෑනක් ගෝඩ්’ චිත්‍රපටය හින්දි භාෂා ප්‍රහසන චිත්‍රපටයක් වන අතර එය ඉන්ද්‍ර කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර තිබේ’ මැණිකේ ගීතය මෙන්ම තවත් ගීත දෙකක් මෙහි ඇතුළත් වේ’ අජේ දේව්ගන් මෙම චිත්‍රපටයේ චිත්‍රගුප්ත නම් චරිතය රඟපායි’ සිද්ධාර්ත් මල්හෝත්‍රා පණ දෙන්නේ අයාන් කපූර් චරිතයට ය’ .මැණිකේ’ ගීතය ආරම්භයේදී චිත්‍රගුප්ත” අයාන් කපූර්ට පවසන්නේ නෝරා ෆටේහි කෙරෙහි ඇති ආශාව පාලනය කර ගන්නා ලෙසයි’ නමුත් ඔහු දරුණු ලෙස අසාර්ථක වේ’ හදිසියේ හමා එන සුළඟින් නෝරාගේ ඇඳුමේ සේලය ගසාගෙන යයි” ඇය අයාන් කපූර් ඉදිරියේ නටන්නට සූදානම් වේ’ ඉක්මනින්ම” ඔවුන් රෝස මල් ඇඳක් මත නටති’ අයාන් චරිතය ඔහුගේ හැඟීම් යටපත් කර ගැනීමට හොඳ කාර්යයක් කරන බවක් නොපෙනේ.

දෙවියන් ඉදිරියේ ක්‍රීඩා කිරීම Thank God

තෑන්ක් ගෝඩ් චිත්‍රපටය ගෙන එන්නේ අනතුරකට මුහුණ දී ජීවිතයත් මරණයත් අතර සටනේදී චිත්‍රගුප්ත මුණගැසෙන තරුණයකුගේ කතාවයි’ ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි’ චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි’ චිත්‍රගුප්ත යනු බ්‍රහ්මයාගේ දහහත්වැනි මානසපුත්‍ර වේ’ ඔහු බ්‍රහ්මගේ ආත්මයෙන් සහ මනසින් මවා ඇති බව විශ්වාස කෙරෙන අතර ඒ අනුව බ්‍රාහ්මණයකු මෙන් වේද ලිවීමේ අයිතිය ඔහුට ලබා දී ඇති අතර ක්ෂත්‍රියකුගේ රාජකාරිය ද පැවරී තිබේ’ ණය බරින් මිරිකී සිටින අහංකාර තරුණයකු වන අයාන් කපූර් හදිසි අනතුරකට මුහුණ දෙයි’ ඔහුට සිහිය ලැබෙන විට තමා සිටින්නේ දෙව්ලොව බව ඔහුට වැටහේ’ දෙවියන් වහන්සේ ඔහු ඉදිරියෙහි පෙනී සිටින අතර ඔහුට .ජීවිතයේ ක්‍රීඩාවක්’ ක්‍රීඩා කිරීමට සිදුවන බව දන්වා සිටී’ ක්‍රීඩාව ජය ගතහොත් නැවත මහ පොළොවට පැමිණීමට අවස්ථාව ලැබෙන අතර පැරදුනහොත් නිරයට යා යුතු වේ’ තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ අජේ දේව්ගන් නූතන චිත්‍රගුප්ත ලෙස චරිතය නිරූපණය කරන අතර එය ඉදිරිපත් කරනු ලබන්නේ හාස්‍යජනක ලෙසිනි’ චිත්‍රගුප්තගේ චරිතය හේතුවෙන් තෑන්ක් ගෝඩ් චිත්‍රපටය නීතිමය ගැටලුවලට මුහුණ දී තිබේ’ ආගමික හැඟීම් රිදවීම මෙන්ම ආගම සමච්චලයට ලක්කිරීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වේ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට කුවේටයේ ද තහනමක් පැනවී ඇති බව වාර්තා අතර වේ.

සිරිමල් කලුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment