දෙහිවල දුම්රියේ බෝම්බය… කටුනායක ගුවන් තොටුපළට එල්ලවූ ප‍්‍රහාරය….

259

රුධිර ධාරා දුම්රිය් මාර්ගයෙ ගලාගෙන ගොස් තිබූ අතර සිරුරු කැබලි තැන් තැන්වල වැටී තිබුණි. එම දර්ශනය අතිශයින්ම බිහිසුණුය.

dehiwala5

මගී දුම්රියකට බෝම්බ තැබීම යුද අපරාධයකි. එහෙත් 1996 ජුලි 24 වැනිදා කොළඹ කොටුවේ සිට පානදුර බලාගිය කාර්යාල දුම්රිය තුළ බෝම්බ පිපිරී 64ක් මරුමුවට පත් වූ අතර 400කට අධික පිරිසක් තුවාල ලැබූහ. කොටි මෙම කාර්යාල දුම්රියේ බෝම්බ අඩංගු සූට්කේස් හතරක් තබා තිබූ අතර ඒවා එකවරම පිපිරී ගොස් ඇත. මියගිය පිරිස අතර උපාලි පුවත්පත් සමාගමේ හිටපු කාටුන් ශීල්පී සුදීප පූර්ණජිත් ද වේ.
 

dehiwala2
  1996 ජුලි 26 වැනිදා සුදීප කොටුව දුම්රිය ස්ථානයට පැමිණ පානදුරේ බලා යන කාර්යාල දුම්රියට ගොඩ විය.
 
 ඔහු රැුගත් දුම්රිය කොටුවෙන් පිටවීමට පෙර හමුදා නිලධාරියකු දුම්රිය ස්ථානයේ තිබූ සැකකටයුතු විශාල සූට්කේසයක් දැක විගස බෝම්බ නිෂ්ක‍්‍රීය අංශයට දන්වනු ලැබීය. බෝම්බ නිෂ්ක‍්‍රීය නිලධාරීහු විගස බෝම්බය අකී‍්‍රය කරනු ලැබූහ. මේ නිසා බෝම්බ තර්ජනයක් නැතැයි සිතූ දුම්රිය නිලධාරීහු පානදුර දුම්රියපොළට දුම්රිය ධාවනය සඳහා අවසර දෙනු ලැබූහ. එහෙත් දෙහිවල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ඉදිරියට ඇදෙත්ම මැදිරි කීපයක තිබූ බෝම්බ පිපිරී මහා විනාශයක් සිදු විය. කොටුව දුම්රිය ස්ථානයේ බෝම්බය සොයා ගැනීමෙන් පසු පානදුර බලායන දුම්රියේ මැදිරි සෝදිසි කිරීමට කිසිවකු උනන්දු නොවීමේ ප‍්‍රතිඵලය ජීවිත 64 ක් අහිමි වීමයි.
 
 සුදීප පුවත්පත් ආයතනයේ සේවය කරනවිටත් ගමන් කරන්නේ එම කාර්යාල දුම්රියේය.
 
 කොටි දුම්රිය තුළ බෝම්බ තබනු ඇතැයි අප කළ අනතුරු ඇ`ගවීම ඔහු බරපතළ ලෙස සැලකුවේ නැත.
 
 ජුලි 24 දා උදේ රැකියාවට පැමිණි සුදීප ආපසු නිවසට පැමිණියේ සීල් කළ පෙට්ටියකිනි.
 
 දෙහිවලදී මගී දුම්රියක බෝම්බ තැබූ කොටි ක‍්‍රියාකාරියකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව එළිමහන් සිර කඳවුරක සුද්ද කිරීම් සඳහා යොදවා තිබුණි.
 
 එහෙත් මේ කොටියා බන්ධනාගාරයේ නිලධාරින්ගේ ග‍්‍රහණයෙන් මිදී පැන ගියේය. මේ දක්වාම ඔහුව අල්ලා ගැනීමට නොහැකි විය. දෙහිවල දුම්රිය බෝම්බ පිපිරීම මැදිරි පරීක්‍ෂා කිරීමේ මෙහෙයුමක් තිබුණේ නම් වළක්වා ගැනීමට තිබුණි. එහෙත් නිසි විමර්ශනයක් නොවුණි.
 
 මෙම සිද්ධිය සැලවීමත් සම`ගම අපි එම ස්ථානය වෙත ගියෙමු. රුධිර ධාරා දුම්රිය් මාර්ගයෙ ගලාගෙන ගොස් තිබූ අතර සිරුරු කැබලි තැන් තැන්වල වැටී තිබුණි.
 
 එම දර්ශනය අතිශයින්ම බිහිසුණුය.
 
 සුදීප පූර්ණජිත් කොටි ත‍්‍රස්තවාදීන්ගේ බිහිසුණු බෝම්බයට ගොදුරු වී අදට (24* වසර 25 ක් සපිරේ. එහෙත් කොටි ත‍්‍රස්තයන් මාධ්‍යවේදියකු වූ සුදීප් පූර්ණජිත් මරාදැමූ බවට විදේශ මාධ්‍ය සංවිධාන හෙළි කළේ නැත.
 
 කොටි මගී දුම්රියක බෝම්බ පිපිරවූ මුල් අවස්ථාව මෙය නොවේ. 2008 ජුලි 4 වැනිදා ද කොටි දෙහිවල සහ වැල්ලවත්ත අතර මගී දුම්රියක බෝම්බ පිපිර වූහ. ඉන් මගීහු 24 ක් තුවාල ලැබූහ.
 
 එහෙත් ප‍්‍රභාකරන්ව යුද අපරාධකරුවකු ලෙස හැඳින්වීමට ජාත්‍යන්තර ප‍්‍රජාව ක‍්‍රියා කළේ නැත. අප මේ තොරතුරු වසර 25ක් ගතවන අවස්ථාවේ අනාවරණය කරන්නේ කොටි ඝාතන කණ්ඩායමේ ත‍්‍රස්ත ක‍්‍රියා වත්මන් පරපුර නොදන්නා නිසාය. මේ අතර කොටි ත‍්‍රස්තවාදීහු කටුනායක ගුවන් තොටුපළට ප‍්‍රහාර එල්ල කර ජුලි 24 දාට වසර 20 ක් ගතවේ. මෙය සිදු වූයේ 2001 වසරේය. මෙම ප‍්‍රහාරයේදී එම්. අයි. 17 එම්. අයි. 24 හෙලිකොප්ටර් 2 ක්, කේ. 8 ජෙට් ටේ‍්‍රනර් යානා 3 ක් , කෆීර් ප‍්‍රහාරක යානා 2 ක් , මිග් ප‍්‍රහාරක යානාවක් ඒ 330 එයාර් බස් යානා 4 ක් විනාශ විය.
 
 dehiwala4

එසේම කේ. 8 යානා පහක් ද කෆීර් යානා 2 කටද මිග් 27 යානාවකට ද එයාර් බස් යානා 2 කට ද හානි සිදු විය. මෙම ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ බරපතළ ආරක්‍ෂක දුර්වලතාවයන් පැවැති බව හෙළි විය. ප‍්‍රහාරයට සම්බන්ධව කොටි 14 ක් මරුමුවට පත් වූ අතර ගුවන් හමුදා භටයන් හයක් ද දිවි පිදූහ. කටුනායක ගුවන් තොටුපළ වටා ආරක්‍ෂක මුරපළවල් 500 ක් තිබුණත් කොටි ප‍්‍රහාරක කණ්ඩායම ගුවන් තොටුපළ පරිශ‍්‍රයට ඇතුළුවන තුරු ගුවන් හමුදා නිලධාරීන් නොදැන සිටි බව හෙළි විය. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ ගුවන් හමුදා බලධාරියකු සිය අසුනේ නොසිටි බව ද අනාවරණය විය. මෙලෙස විනාශ වූ ගුවන් හමුදා ප‍්‍රහාරක යානාවල වටිනාකම ඩොලර් මිලියන 500කට අධිකය.

එසේම වැනසුණු එක් එයාර්බස් යානාවක වටිනාකම ඩොලර් මිලියන 350 ක් වේ. මේ අතර ගුවන් තොටුපළට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි කොටි කණ්ඩායම භාවිත කළ මිට්ෂුබිෂි බස්රිය සොයාගනු ලැබුවේ පොලිස් පරීක්‍ෂක නිලබ්දීන්ය.

 
 එහෙත් හිටිහැටියේම නිලබ්දීන්ගෙන් පරීක්‍ෂණ ඉවත් කර රහස් පොලිසියට පවරනු ලැබීය. වසර කීපයකට පසු කටුනායක ප‍්‍රහාරයේ සැකකරුවන් අල්ලාගත් බව කියමින් රහස් පොලිසියේ නිලධාරීහු රැුසක් රජයෙන් තෑගි මුදල් ලබාගත්හ. එහෙත් නිලබ්දීන්ට කිසිදු මුදලක් ලැබුණේ නැත. රහස් පොලිසියේ යතුරු ලේඛිකාවට ද මුදල් තෑගි හිමි විය. එසේම කටුනායක ප‍්‍රහාරයේ ආරක්‍ෂක දුර්වලතාවලට වගකිව යුතු සුළු නිලධාරීන් කීපදෙනකුට හැර ඉහළ පෙළේ බලධාරීන්ට දඬුවම් හිමි වුණේ නැත. මෙම ප‍්‍රහාරය එල්ල වූයේ 1983 ජුලි
 
 23 දා කලබලයට ප‍්‍රතිචාරයක් ලෙසින් බව කොටි සංවිධානය විසින් පසුව ප‍්‍රචාරය කරනු ලැබීය.
 
–  කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment