දේවදූතයන්ගේ පසුබිම

246

දෙවියන් වහන්සේ අප මවා ඇත්තේ උන්වහන්සේගේ ස්වරූපයටය. උන්වහන්සේට පමණක් දෙවැනි වන ලෙසය. උප්පත්ති පොතේ 1 වන පරිච්ෙඡ්යේ 27 වන වගන්තියේ මේ පිළිබඳව සඳහන් වේ. ස්වාමීන් වහන්සේ මුළු පොලෝතලයේ සියලූ මැවිලි මනුෂ්‍යයාගේ පාලනයට නතුකර එම මැවිල්ල වැඩි වර්ධනය කිරීමට අණ කළ සේක. (උප්පත්ති පොත, 1 පරි: 28) දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර සෘජු සම්බන්ධතාවයක් පැවැත්වූ බවට එනම් උන්වහන්සේ මනුෂ්‍යයාට අනාවරණය වීම නිරන්තරයෙන් සිදුකළ බවට ශුද්ධ බයිබලය සාක්‍ෂි දරයි. උප්පත්ති පොතේ ආදම් සහ ඒව සාතන් නමැති සර්පයාගේ පරීක්‍ෂාවෙන් පරාජය වූ විට දෙවියන් වහන්සේ ඔවුන් සිටි සුගති උද්‍යානයේ සැරිසරා ඔවුන් කෙරේ විමසූ බව සනාථ වේ. ‘එහෙත් දෙවියන් වහන්සේ මිනිසාට හඬගසමින්, නුඹ කොහේදැයි ඇසූ සේක’ (උප් 3.9* මේ සියලූදෙයින් ගම්‍යමාන වී යන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමඟ සෘජු සම්බන්ධතාවයක සිටි බවය.

පාපයට මනුෂ්‍යයා වහලෙකු වූ විට දේව සම්බන්ධතාවයේ ත‍්‍රීව‍්‍රතාව බිඳවැටිණ. ස්වාමීන් වහනසේගේ අසීමිත පේ‍්‍රමය නිසා යම් දිනක උන්වහන්සේගේ රුධිරයෙන් මිනිසා මුදවනු බවට ගැළවීමේ පොරොන්දුව ලබා දුන් සේක. යෙසායා දිවැසිවරයාගේ ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වන්නේ එබැවිනි. ‘පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලූදෙනා ගලවන්නේ ජෙරුසලමේ සිටින නුඹලා ආරක්‍ෂා කරන්නත් මම එන්නෙමි. නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. (යෙසායා- 59:21) දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමඟ නොබිඳෙන සම්බන්ධතාවයක් ගොඩනඟා ගනු ලැබුවේ මිනිසාගේ පව් ඔවුන්ට විරුද්ධව ගණන් නොගෙන කි‍්‍රස්තුස් වහන්සේ කරනකොට ගෙන දෙවියන් වහන්සේ ලෝකය තමන් වහන්සේ හා සමගිකර ගැනීමෙන් ය. ගැලවීම සම්පූර්ණ වූ ක‍්‍රිස්තු ස්වර්ගාරෝහණයෙන් පසු ශුද්ධාත්ම ආගමනයේ සිට අද දක්වාත් මතු අනාගතයටත් දෙවියන් වහන්සේගේ න්‍යායන් මිහිතලය පුරාලීමට සුදු සබය ප‍්‍රයත්න දරන්නේය. දෙවියන් වහන්සේට මනුෂ්‍යයන් අතර සම්බන්ධතාව ගොඩනඟා ගැනීමට උන්වහන්සේගේ ආත්මයෙන් ප‍්‍රඥාවෙන් හෙබි ශුද්ධවූත්, බලවන්තවූත් ආත්මවල් බිහිකරන ලදී. ඔවුන් දේව දූතයන් ය. දෙවියන් වහන්සේගේම ආත්මයෙන් විහිදුන උන්වහන්සේ හා සමානතම පිරිසක් උන්වහන්සේ අබියස සිටී. එම දූතයන්ගේ කාර්යභාරය දෙවියන් වහන්සේගේ කිරුළ අබියස රැඳී උන්වහන්සේගේම න්‍යායන් මනුෂ්‍යයන් අතර මනුෂ්‍යයන් අතරට ගෙන යෑමය. මෙය සරලව විග‍්‍රහ කළහොත් යම්කිසි විශේෂිත ආගමික ශුද්ධ පිරිසක් මිනිසා හා දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය ගොඩනැඟීමට භාවිත කිරීමය. දේවදූතයන් සෑම විටම දෙවියන් වහන්සේගේ ආඥාවේ හා ප‍්‍රඥාවේ මහිමයෙන් පිරී සිටින පිරිසක් ය.

ජෝ. සංගපාලආරච්චි – පමුණුගම

දේවදූතයන්ගේ පසුබිම
advertistmentadvertistment
advertistmentadvertistment