දේව කැමැත්ත

112

පේ‍්‍රමය රජ කරන කාලයක් හෙවත් දෙවියන් රජ කරන යුගයක් අපට ගැඹුරින් අයිති කරගත හැකි වනුයේ, ජේසුතුමන් ගමන් කළ කුරුසියේ මඟ ගමන් කිරීමෙනි. මේ සඳහා අප පෞද්ගලිකවම අපගේ ජීවිතයේ ස්වාමීත්වය දෙවිඳුන්ට දිය යුතුයි.

දේව කැමැත්ත අනුව දිවිගෙවන සෑම මොහොතකම අප දේව පාලනයට යටත්ව සිටින බව අත්දැකිය හැකිය. ඒ තුළ පේ‍්‍රමය අත්දකින අතර, පේ‍්‍රමයේ රාජ්‍යයක් ගොඩනැඟිය හැකි බව තේරුම් ගැනීමට පුළුවන.

දේව කැමැත්ත ඉටු කිරීමේ මඟ මෙන්ම, පේ‍්‍රමය තුළ පැවතීමේ එකම මඟ වන්නේ කුරුසියේ මාවතයි. එනම් ලෝකය තුළ පවතින පේ‍්‍රමය විරහිත ලෝක ක‍්‍රමයට නතු නොවී, පවතින දූෂිත ක‍්‍රමයට ඇති ආශාව යටපත් කොට සැම විටම දේව කැමැත්තට ඉඩ දීමයි.

එමෙන්ම ‘‘කුරුසිය’’ යනු චතාරීක සමයෙහි කර තබාගෙන පාද නමස්කාරයේ ගෙන යන ලී කුරුසිය නොවේ. එය සංකේතයක් පමණි. ඇත්තටම දේව කැමැත්තට අපගේ භෞතික ආශාවන් ලෝකයේ කැමැත්ත ඉවතලා, දෙවියන්ගේ කැමැත්ත හෙවත් පේ‍්‍රමයට ඉඩදීමේ ඇතුළාන්ත අරගලය යනු සැබෑ කුරුසියයි. ජේසුතුමන් ගමන් කළේ එවන් වූ කුරුස මාර්ගයේය. උන්වහන්සේ අපට මෙසේ පවසන සේක. ‘‘යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තම කම නසා දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ’’ යනුවෙනි. ඇත්තටම ජේසුතුමන් එම වචනවලින් පෙන්වා දෙනුයේ පරම සත්‍යයයි. තම කම නැසීම යනු මනුෂ්‍යයාගේ ආත්මාර්ථය නැසීමයි. දේව කැමැත්ත සෙවීමේ මුල් පියවර වනුයේ එයයි. අප දේව කැමැත්තට ඉඩ දෙන විට, අප තුළ පවතින පේ‍්‍රමයට බාධා වන සියල්ල ඉවත් වීමට පටන් ගනියි. එවිට පේ‍්‍රමය උල්පතක් සේ මතු වී ගලා යනු ඇත. සමස්ත කිතුනු සමාජයම මේ ලෙස තම කම නිසා කි‍්‍රයාවෙන් ඇදහිල්ල පෙන්වන්නේ නම්, පේ‍්‍රමය සමාජය තුළ මතු වී දෙවිඳුන්ගේ කැමැත්ත ඉටු කරනු ඇත.

එමෙන්ම දින හතළිහේ චතාරීක භාවනාවේ සැබෑ ප‍්‍රතිඵල දැකිය හැක්කේ එවිටය. එයින් උකහාගත් ‘‘කි‍්‍රස්තු ස්පී‍්‍රතුව’’ තුළ, අවුරුද්දේ ඉතිරි දින 325 අප ගත කරන ජීවිතය කුරුසියේ මාර්ගයට කෙතරම් ප‍්‍රබලව බද්ධ වන්නේද? එය සැබෑ කිතු මගක් විය යුතුමය. එසේ නොවුණහොත් එය දෙවිඳුන් ඉදිරියේ නිකම්ම නිකං දින හතළිහේ වත්පිළිවෙත් ඉටු කිරීමක් පමණක් වනු ඇත.

ලූෂන් ෂර්ලි එඞ්වඞ්

දේව කැමැත්ත
advertistmentadvertistment
advertistmentadvertistment