දේශබන්දු නිල ඇඳුමෙන් එක ලියුමකට අත්සන් කළොත් අපි උසාවි යනවා: පොලිස්පති ගැන උසාවි නියෝගය පිළිගන්නේ නෑ කියා පුළුවන්නම් දිනේෂ් එළියෙදි කියන්න – දුමින්ද නාගමුව

157

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිගන්නේ නැහැ යැයි පුළුවන්නම් පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට අභියෝග කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා ඊයේ (26දා) පැවසීය.

මරදානේ සීයේ සාර් ශාලාවේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.

ඔහු මෙසේද පැවසීය.

විධායකය, අධිකරණය හා ව්‍යවස්ථාදායකය කියන බලකණු තුනටම පයින් ගහන එක තමා රනිල් කරන්නේ.

අගමැති පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා අධිකරණ නියෝගය තමන් පිළිගෙන නැහැ කියලා. අපි කියනවා ඔය වීරයින්ට ඇවිත් ඔය කතාව එළියෙ කියන්න කියලා. නිල ඇඳුම ඇඳලා දේශබන්දු යම් ලේඛනයකට අත්සන් කළොත් ඒක අධිකරණයට අපහස කිරීමක් ලෙස සලකා අපි අධිකරණය ඉදිරියට යනවා.

ජන අරගල සන්ධානයේ විධායක සභිකයකු වන වසන්ත මුදලිගේ මහතා ඇතුළු තවත් කීපදෙනෙක්ම මෙහිදී අදහස් දැක්වූහ.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment