මියන්මාර ජාතිකයන් 103 දෙනකු නීති විරෝධී ලෙස දේශසීමා උල්ලංඝනය කරමින් සංක්‍රමණය කරවීමේ වරදට අත්අඩංගුවට ගත් මියන්මාර ජාතිකයන් 12 දෙනකු ලබන 31 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය වැඩ බලන මහෙස්ත්‍රාත් අබ්දුල් සලාම් සාහිර් මහතා නියෝග කළේය.
ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.ජේ.එස්. රණවීර මහතා විසින් සැකකරුවන් සමග ඒ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දඬුවම් ලැබිය හැකි වරදක් බවට කරුණු ඉදිරිපත් කරන ලදී. ඔවුන් සංක්‍රමණයට යොදා ගත් යාත්‍රාව නඩු භාණ්ඩ ලෙස රඳවා ගැනීමට වරාය පොලිසියට පහසුකම් නොමැති බව දැනුම් දීමෙන් අනතුරුව එම කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා එම යාත්‍රාවේ නීති විරෝධී ද්‍රව්‍ය තිබේ දැයි පරීක්ෂා කර බලා ත්‍රිකුණාමල නාවික ආඥාපති භාරයේ තැබීමට නියෝග කළේය.
මෙම සංක්‍රමණිකයන් පිරිස රැගත් බහුදින යාත්‍රාව මුලතිව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ තිබියදී නාවික හමුදා භාරයට ගෙන තිබිණි.
කන්තලේ – ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ