දේශීය නවීකරණයේ ශ‍්‍රී ලාංකීය සලකුණ එජාපයයි

117

එජාපයේ පතාක යෝධයන් ඞී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක හා ජේ. ආර්. ජයවර්ධන

එක්සත් ජාතික පක්‍ෂය සිය අභිමානවත් ගමන් මගේ 75 වන වසර සැප්තැම්බර් මස 06 දින සමරනු ලැබේ. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමේ සමාරම්භක රැුස්වීම පැවැත්වූයේ ඞී. එස්. සේනානායක ශ‍්‍රීමතාණන්ගේ නායකත්වයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා ශාලාවේදී 1946 වර්ෂයේ ජූනි මස 04 දිනය. මෙම රැුස්වීමේදී පක්‍ෂයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පියවර ගත් අතර එම කාර්ය අවසන් කිරීමෙන් පසුව 1946 සැප්තැම්බර් මාසයේ 06 දින කොල්ලූපිටියේ ෆාම්කෝට් මන්දිරයේදී පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප‍්‍රථම රැුස්වීම පවත්වා එහිදී සම්මත කරන ලද යෝජනාවක් අනුව පක්‍ෂය නිල වශයෙන් ස්ථාපිත කිරීම ප‍්‍රකාශයට පත්කරන ලදි. යෝජනාව ඉදිරිපත් කළේ එස්. නටේසන් විසිනි. සම්මත කරනු ලැබූයේ ටී. බී. ජයා විසිනි. යෝජනාවෙන් ප‍්‍රකාශ කළේ ‘‘එක්සත් ජාතික පක්‍ෂය නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවූ බවය’’ බවය. ආරම්භක කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරන ලද පරිදි පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයට පහත දැක්වෙන අය පත්කර ගනු ලැබූහ.

 සභාපති : ඞී. එස්. සේනානායක
 උපසභාපතිවරුන් : එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල, ජෝර්ජ් ඊ. ද. සිල්වා, ටී. බී. ජයා සහ අරුණාචලම් මහාදේව
 මහ ලේකම් : එච්. ඩබ්ලිව්. අමරසූරිය
 සම භාණ්ඩාගාරිකවරුන් : ෙඡ්. ආර්. ජයවර්ධන සහ ඒ. ආර්. ඒ. රසීක්

 ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බිහිවී ඇති දේශපාලන පක්‍ෂ අතුරින් විශාලම සහ ප‍්‍රභලම දේශපාලන පක්‍ෂය බිහිවූයේ මෙයාකාරයටය. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීම කෙරෙහි බලපෑ ආසන්නම හේතුව වූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය පාලකයන් විසින් 1948 පෙබරවාරි 04 දින ලංකාව යටත්විජිත පාලනයෙන් නිදහස් කිරීමට තීරණය කරමින් ප‍්‍රදානය කළ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් කැබිනට් ආණ්ඩුක‍්‍රමය ක‍්‍රියාවට නැංවීම සඳහා සංවිධිත පැන නැගුණ දේශපාලන පක්‍ෂ ක‍්‍රමයක අවශ්‍යතාව සපුරාලීමය. ඒ වනවිට ලංකාවේ දේශපාලන ක‍්‍රමය තුළ බලවත්ව සිටියේ ලංකා සමසමාජ පක්‍ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයයි. මෙම පක්‍ෂ දෙකම මාක්ස්වාදී දේශපාලන පක්‍ෂ වූ අතර එම පක්‍ෂ මගින් දේශනා කළ දේශපාලන සහ ආර්ථික දර්ශනය සියවස් ගණනාවක් මුළුල්ලේ මෙරට ඉදිරියට ඇද ගෙන ආ බෞද්ධ සංස්කෘතික මූලධර්මවලට මෙන්ම 1832 වර්ෂයේ සිට මෙරටට බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් හුරුපුරුදු කළ බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට අත්‍යන්තයෙන්ම පටහැනි විය. එබැවින් නැගී එන කොම්යුනිස්ට් තර්ජනයෙන් රට බේරා ගැනීමේ අවශ්‍යතාවද මේ වනවිට පැනනැගී තිබුණ අතර මෙම කරුණද එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීම කෙරෙහි බලපෑවේය. මේ සම්බන්ධයෙන් බලපෑ තවත් කරුණක් වූයේ මේ වනවිට වාර්ගික මතබේද හේතු කොට ගෙන කොටස් වලට බෙදී වෙන් වී තිබුණ වාර්ගික ජන කොටස් එක් ඡුත‍්‍ර සංවිධානයක් යටතේ එක්සත් කොට එක් ජාතියක් එක් රටක් යන මූලධර්මය යටතේ ලංකා රාජ්‍ය ශක්තිමත්ව ගොඩ නැගීමට තිබූ අවශ්‍යතාවයි. එමෙන්ම නිදහස දිනා ගැනීම සඳහා 1919 දෙසැම්බර් මාසයේදී ලාංකික නායකයන් විසින් සංවිධානය කර තිබූ ලංකා ජාතික සංගමයද මේ වනවිට මුළුමනින්ම පාහේ අක‍්‍රීය තත්ත්වයට පත්ව තිබූ අතර එය දේශපාලන පක්‍ෂයක් ලෙස ප‍්‍රතිසංවිධානය කොට ඉදිරියට ගෙන ඒමද කළ නොහැකි දෙයක් විය. මේ සියලූම කරුණුවල ප‍්‍රතිඵලය ලෙසයි. 1946 සැප්තැම්බර් මාසයේ 06 දින මෙරට සෑම ප‍්‍රධාන ජනවර්ගයක්ම නියෝජනය කළ ජාතික නායකයන් විසින් එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවූයේ.

 එක්සත් ජාතික පක්‍ෂය යන නිල නාමයෙන් නිරූපණය වූයේ පක්‍ෂය ජාති, වාර්ගික, ආගමික, භාෂා, ප‍්‍රාදේශීය, කුල, සමාජ පංති යන කිසිදු ආකාර විශේෂණයකින් තොරව සියලූම ලංකාව තුළ ජීවත්වන සෑම පුරවැසියෙකුටම එක්විය හැකි පොදු ජනතා සංවිධානයක් වන බවය. වෙනත් ආකාරයකට කියනවා එක්සත් ජාතික පක්‍ෂය වූ කලී සියලූම ලාංකිකයන්ට එකට එක්තැන් වියහැකි සියලූම ලාංකිකයන්ගේ පක්‍ෂයක් වන බවය. මෙම කරුණ පක්‍ෂයේ ප‍්‍රථම නිලබල ව්‍යුහය තුළින් මනාව පැහැදිලි වේ. එය සමන්විත වූයේ මේ රටේ ජීවත්වන සෑම ප‍්‍රධාන ඝනයේ ජනවර්ගයක්ම, භාෂා සහ ආගමික කණ්ඩායමක්ම නියෝජනය වන ජනතා නියෝජිතයන්ගෙනි. මෙම සම්ප‍්‍රදාය පක්‍ෂය පිහිටුවා මේ දක්වා ගතවී ඇති වසර 75ක කාලය තුළ අඛණ්ඩවම ආරක්‍ෂා කොට පවත්වා ගෙන යෑමට පක්‍ෂය කි‍්‍රයාකර තිබෙන අතර එයින් පෙන්නුම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ ජීවත්වන ජනතාව සමග කොතරම් සමීපව බද්ධ වී තිබෙන සැබෑම සැබෑ ජනතාවාදී පක්‍ෂයක් වන බවය.

 එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමෙන් අනතුරුව නිකුත් කළ පළමුවන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දැක්වුණ ආකාරයට පහත දැක්වෙන පරිදි ප‍්‍රධාන අරමුණු 05ක් විය.

 1. විදේශීය පාලනයෙන් මිදිම

 2. අගහිඟකම්වලින් මිදීම

 3. රැුකිරක්‍ෂා හිඟකමින් මිදීම

 4. නොදත්කමින් මිදීම

 5. ලෙඩ රෝගවලින් මිදීම

 මෙයින් ප‍්‍රථම අරමුණ පක්‍ෂය පිහිටුවා වසර දෙකක් ගතවීමට ප‍්‍රථමයෙන් එක්සත් ජාතික පක්‍ෂය සාක්ක්‍ෂාත් කරගත් අතර ඒ අනුව 1948 පෙබරවාරි 04 දින ලංකාව අවුරුදු 133ට පසුව බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදී නිදහස් ස්වාධීන ජාතික රාජ්‍යයක් බවට පත්විය. යටත්විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය විසින් කරන ලද තීරණාත්මක කාර්යභාරය තොතරම්ද යත් පක්‍ෂයේ නායකයා වූ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක හඳුන්වන්නේ ජාතියේ පියා හෙවත් නිදහසේ පියා ලෙසය.

 ඉහත දැක්වූ අනෙක් අරමුණු ඇතුළුව නිදහසෙන් පසු කාලය තුළ රට මුහුණ දුන් දේශපාලන, ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න නිරාකරණය කරමින් සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කළ වැඩපිලිවෙළ ගොඩනැගී තිබෙන්නේ ප‍්‍රධාන මතවාද තුනක සංකලනයෙන්ය. ඒ වූ කලී දේශපාලන වශයෙන් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ආර්ථික වශයෙන් ධනවාදයත් සහ සමාජීය වශයෙන් වාර්ගික,

 ආගමික, භාෂා යන බෙදීම්වලින් තොර සමාන පුරවැසියන් සහ සමාන ඉඩ ප‍්‍රස්ථාවන් යන මතවාද තුනය. දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය විශ්වාස කරන්නේ නිදහසේ ඉපදෙන මිනිසුන් නිදහසේ ජීවත් වී නිදහසේ මිය යා යුතුය යන සිද්ධාන්තයයි. මෙම අරමුණ කරා ළඟාවිය හැක්කේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම පදනම් කරගත් මිනිසුන් විසින් මිනිසුන් සඳහා ක‍්‍රියාවට නංවන මිනිසුන්ට අයත් ආණ්ඩුවකින් පමණක් බව එක්සත් ජාතික පක්‍ෂය විශ්වාස කරනු ලැබේ. මේ පදනම මත ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණ මූලධර්ම වන මහජන ස්වාධිපතිත්වය, ජනතාවට වගකීමට යටත් කරන ලද ජනතා නියෝජීතයන් විසින් ජනතාව විසින් පවරා දෙන කාලසීමාවන්ට යටත්ව ජනතා පරමාධිපතිත්වය කි‍්‍රයාවට නංවීම, ව්‍යවස්ථානුකූල පාලනය, නිදහස් සහ සාධාරණ මැතිවරණ මගින් ජනතාවගේ ඡුන්ද බලයෙන් ජනතා නියෝජීතයන් තෝරා පත්කර ගැනීම, නිදහස් සහ තරගකාරී දේශපාලන පක්‍ෂ ක‍්‍රමයේ කි‍්‍රයාකාරිත්වය, නිදහස් බලපෑම් කණ්ඩායම් ක‍්‍රියාකාරිත්වය සහ මහජන මතයේ ක‍්‍රියාකාරිත්වය, යහපාලන මූලධර්ම පදනම් කරගත් රාජ්‍ය පාලනයේ විනිවිදභාවය, නීතියේ ආධිපතිත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්‍ෂා කිරීම, මාධ්‍ය නිදහස යනාදියට අත්‍යන්තයෙන්ම ගරුකරන අතර එම මූලධර්ම ආරක්‍ෂාකොට පවත්වා ගෙනයෑම සඳහා ඇපකැප වී සිටී. ගත වූ වසර 75 මුළුල්ලේම පක්‍ෂයේ දේශපාලන දර්ශනය ගොඩනැගී තිබෙන්නේ මෙම මූලධර්ම මත වන අතර එම මූලධර්ම ආරක්‍ෂා කිරීම සහ වර්ධනය කිරීම සම්බන්ධයෙන් පක්‍ෂයට ඇති ඓතිහාසික අභිමානය ලංකාවේ වෙනත් පක්‍ෂයක නොමැති බව ප‍්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ.

 එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික දර්ශනය ධනවාදය වුවද එයින් අදහස් කරන්නේ රාජ්‍ය පාලනයෙන් මිදුන පූර්ණ නිර්බාධවාදයක් නොවේ. පක්‍ෂය විශ්වාස කරන්නේ ආර්ථික කාර්යන් සඳහා පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍යයද මැදිහත් විය යුතු බවත් එහිදී ප‍්‍රමුඛත්වය පෞද්ගලික අංශයට දිය යුතු බවත්ය. පෞද්ගලික අංශය ආයෝජනය කිරීමට අකැමැති අංශයන්හි රාජ්‍ය අංශය මැදිහත් වීම පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වේ. එමෙන්ම බැර කර්මාන්ත අංශයේ මෙන්ම කෘෂි කාර්මික ක්‍ෂේත‍්‍රයේද සමබර වර්ධනයක් පවත්වා ගෙනයෑම පක්‍ෂයේ විශ්වාසය වේ. පක්‍ෂය දරන අනෙක් අදහස වන්නේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව මෙන්ම අවවරප‍්‍රසාදිත සමාජ කොටස් වලට රජය විසින් සපයන සුබසාධන සේවාවන් අඛණ්ඩවම රජය විසින් පවත්වා ගෙන යායුතු බවය.

 නිදහස් පුරවැසියන් සමග බැඳී පවතින සමාන පුරවැසියන් සහ සමාන ඉඩප‍්‍රස්ථාවන් යන සිද්ධාන්තය මත පක්‍ෂයේ සමාජ දර්ශනය  ගොඩනගා ඇත. මේ අනුව ජාති, වාර්ගික,  ආගමික, භාෂා, ප‍්‍රදේශ, කුල යනාදී කරුණු පදනම් කරගෙන කරන සෑම ආකාරයකම විශේෂීකරණය කිරීම් පක්‍ෂය විසින් ප‍්‍රතික්‍ෂේප කරන අතර මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුම සමාන පුරවැසියන් ලෙස සලකමින් සමාන ඉඩප‍්‍රස්ථාවන් යන සිද්ධාන්තය යටතේ සැලකිය යුතු බව පක්‍ෂය පිළිගනී.

 පක්‍ෂයේ විදේශ ප‍්‍රතිපත්තිය ගොඩනැගී තිබෙන්නේ නොබැඳි පිළිවෙත පදනම්  කරගෙනය. මේ අනුව ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම එක සමාන අයුරින් සම්බන්ධතා පවත්වා ගෙනයෑම පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වේ. නමුත් කොමියුනිස්ට්වාදයට, පැසිස්ට්වාදයට, ආඥාදායක අධිකාරිවාදයට, මිලිටරි ජුන්ටාවාදයට සහ ආගමික අන්තවාදයට විරුද්ධවීමද පක්‍ෂයේ විදේශ ප‍්‍රතිපත්තියේ මූලික ලක්‍ෂණයක් වේ. රටේ ආර්ථික සංවර්ධනයට විදේශ ආයෝජන අවශ්‍යතාව පක්‍ෂය පිළිගන්නා අතර ඒ අනුව අවශ්‍යතා අනුව විදේශ ප‍්‍රතිපත්තියේ කාලීන ගැලපීම් කිරීමට පියවර ගැනීමද කරනු ලැබේ.

 දේශපාලන පක්‍ෂයක ප‍්‍රධානම සහ මූලිකම අරමුණ වන්නේ රාජ්‍ය බලය අල්ලා ගෙන පක්‍ෂය විසින් පිළිගෙන තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ දර්ශනය ක‍්‍රියාවට නංවමින් රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය ඉහළ නැංවීමය. 1948 වර්ෂයේ සිට මේ දක්වා ගතවී ඇති අවුරුදු 75ක කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය 1948-1952, 1970, 1977-1994 යන කාල පරිච්ෙඡ්දයන්හිදී මැතිවරණ වලින් බලයට පත්වී තනිව රාජ්‍ය පාලනය ක‍්‍රියාවට නැංවූ අතර ජනාධිපති විධායක ක‍්‍රමය යටතේ 2000-2002 සහ 2015-2020 යන අවස්ථා දෙකෙහිදී ආණ්ඩුවේ බලතල ජනාධිපතිවරයා සමග සමගාමීව ක‍්‍රියාවට නැංවූහ. මෙම අවස්ථාවන්හිදී එක්සත් ජාතික පක්‍ෂය විසින් රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අනූපමේය සේවාවක් කර තිබෙන බව අවිවාදයෙන් පිළිගනු ලැබේ. රටට නිදහස අයත් කරදීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණ ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම, ආර්ථික නිදහස අයත් කරගැනීම සඳහා පියවර ගැනීම, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ආරම්භ කොට ක‍්‍රියාවට නැංවීම, රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම සඳහා පියවර ගැනීම, අවවරප‍්‍රසාදිත සමාජ කොටස් සඳහා විවිධ සුබසාධන ක‍්‍රම හඳුන්වා දීම, ගල්ඔය, වලවේ සහ මහවැලි වැනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාවට නැංවීම, වියළි කලාපයේ ජනපද පිහිටුවීම, සංචාරක කර්මාන්තය නව මුහුණුවරකින් දියුණු කිරීම, පොලිසිය, රාජ්‍ය සේවාව සහ අධිකරණය ස්වාධීන කිරීමට පියවර ගැනීම යනාදිය එම සේවාවන් අතුරෙන් කිහිපයක් පමණක් වේ. ඉතාම කෙටියෙන් කියනවා නම් දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සෑම අංශයකින්ම පසුගාමී මට්ටමේ පැවති රටක් නවීකරණය කරමින් යම් ප‍්‍රමාණයකින් හෝ ඉදිරියට ඇදගෙන එමේ නියමුවා වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව ප‍්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ.

 1946 වර්ෂයේදි පක්‍ෂය පිහිටුවූදා සිට මේ දක්වා ගෙවී ගිය වසර 75 තුළ පක්‍ෂය නියමුවන් කිහිප දෙනකු විසින් ඉදිරියට මෙහෙයවා ඇත. ඞී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ෙඡ්. ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස, ඞී. බී. විජේතුංග එම නියමුවන් වන අතර වර්තමානයේ එම නියමු කාර්ය කරනු ලබන්නේ රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂ නායකයා විසිනි. මේ සෑම නියමුවෙක්ම පක්‍ෂයේ උන්නතිය සහ අබිවෘද්ධිය සඳහා කරන ලද සේවය සහ කැප කිරීම සදානුස්මරණීය වේ. යම් යම් අවස්ථාවලදී මුහුණ දීමට සිදුවූ දේශපාලන කුණාටුවලට මුහුණ දෙමින් ඒවායින් පක්‍ෂය මුදා ගෙන අවුරුදු 75ක් දක්වා ඉදිරියට රැුගෙන ආවේ මෙම නියමුවන් පක්‍ෂය වෙනුවෙන් කරන ලද කැපකිරීම හේතු කොට ගෙනය. මෙම සියලූම නියමුවන් මෙම අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කිරීම පක්‍ෂයේ 75වන වසර සමරන මේ අවස්ථාවේදී සෑම පාක්‍ෂිකයෙකුගේම පරම යුතුකම සහ වගකීම වේ.

 

දේශීය නවීකරණයේ ශ‍්‍රී ලාංකීය සලකුණ එජාපයයි
advertistmentadvertistment
advertistmentadvertistment