“දේහයක් බාගෙට දැවුණු ආදාහනාගාරත් අලුත්වැඩියා කරන්න වෙනවා” – රටේම ආදාහනාගාර අලුත්වැඩියා කරන ලලිත් කියන කතාව

279

නිවසක කවරෙක් හෝ මිය ගිය විට ඉස්සර නම් සලකා බැලූ පිළිවෙත් බොහොමයක්ම තිබූ අයුරු මතකය. මියගිය දිනය වෙලාව අ`ගහරුවාදාද සිකුරාදාද යනවග. ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන වග. මව හෝ පියා ඇත්නම් ආදාහනය නොකළ යුතුය..යන වග ආදි චාරිත‍්‍ර වාරිත‍්‍ර විදි තිබුණේය.

නමුත් මේ වන විට ලොව පවතින වසංගත තත්ත්වය යටතේ මළ සිරුරක් භූමිදානය කිරීමට හෝ ආදාහනය කිරීමට හෝ චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් පිළිබඳව සිතන්නට ඉඩක් නැත. ආදාහනාගාරයක කටයුතු වෙනදාටත් වඩා තදබදයකින් පවත්වා ගෙන යන බැවින් කෙලෙසක හෝ මළසිරුරක් ආදාහනය කොට අවසන් කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලත් ආදාහනාගාර නිලධාරි ම`ඩුල්ලේත් එකම අරමුණ බවට පත්ව තිබේ.

"දේහයක් බාගෙට දැවුණු ආදාහනාගාරත් අලුත්වැඩියා කරන්න වෙනවා" - රටේම ආදාහනාගාර අලුත්වැඩියා කරන ලලිත් කියන කතාව

දෙදහස් දහනවය වසරේ මුල් කාර්තුවේදි ලංකාවේ සාමාන්‍ය දෛනික මරණ සංඛ්‍යාව සියයත් එකසිය දහයත් අතර දෝලනය වන අගයක් ගෙන තිබිණි. එය ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වූයේ, කොවිඞ් වසංගතයේ බලපෑම නිසාය. දැන් දෛනික කොවිඞ් නියුමෝනියා මරණ එකසිය පනහක පමණ සංඛ්‍යාවත් නිදන්ගත රෝගී කොවිඞ් මරණ සියයකට ආසන්න සංඛ්‍යාවත් තවත් සෙසු සාමාන්‍ය මරණ පනහකටත් ආසන්න සංඛ්‍යාවත් සිදුවන්නේ නොසිතූ පරිදි දෛනික මරණ සංඛ්‍යාව ඉහළ යමිනි. ලෝක සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව කොවිඞ් ආසාදිත වූවන්ගෙන් සියයට 1.2ත් 1.5 ත් අතර පිරිසක් මරණයට පත්වෙති. කොවිඞ් ආසාදිත මෘත දේහ සියල්ල ආදාහනය කෙරෙයි.

මේ සඳහා සක‍්‍රිය දායකත්වය සපයන ආදාහනාගාර පාලකයන් ඇතුළු පිරිස අතර සුවිශේෂි චරිතයක් අපට මුණ ගැසිණි. ඒ ආදාහනාගාර අලූත්වැඩියා කරන ජී ඒ ලලිත් ශ්‍යාමකුමාර මහතාය. කොවිඞ් මිය යෑම් ඉහළ අගයක් ගත්දා පටන් කිසිදු විවේකයක් නැත ලලිත් මහතා අපට හමුවන්නේ ආදාහනාගාරයක් අක‍්‍රියව මෘත දේහ ගොඩගැසී ඇති මොහොතකය. ඔහු දේහයක් අර්ධ වශයෙන් දහනය වෙමින් තිබූ ආදාහනාගාරයක් හිටි හැටියේ අක‍්‍රිය වූ අවස්ථාවක එය අලූත්වැඩියා කරන්නට ආවේය. දාහකයෙන් දේහය ඉවත් නොකර ඔහු දාහකයේ ඇතිව තිබූ දෝෂය යථා තත්ත්වයට පත් කළේය. සාමාන්‍ය ජීවිතයේ මළසිරුරක් ඇති තැනක ගැවසෙන්නට හිතක් නැති අපට එය නුහුරු අත්දැකීමකි. එබැවින්ම ඔහු හා කතා කළෙමි.

"දේහයක් බාගෙට දැවුණු ආදාහනාගාරත් අලුත්වැඩියා කරන්න වෙනවා" - රටේම ආදාහනාගාර අලුත්වැඩියා කරන ලලිත් කියන කතාව
නවීන ආදාහනාගාරයක්

”ආදාහනාගාරයක් අලූත්වැඩියාවක් කියන්නේ මේ කාලයෙ නම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. වැඩියෙන් දාන්න දාන්න ආදාහනාගාර කැඩෙන්න තිබෙන ප‍්‍රවනතාව වැඩියි. ආදාහනාගාරයක දාහක තුනක් තිබෙනවා. උඩින් දාහක දෙකක් සහ පසුපසින් පහළ තවත් දාහකයක් තිබෙනවා. දාහකයේ ඇතුළේ රත්වන තරමට ඇතුළේ ගිනිගල් පරණ වෙනවා. බර්නරයේ කට කැඩිලා යනවා. කොයිල් පිච්චෙනවා. උඩින් තිබෙන ආර්ච් එක හරි බ්‍රෝවරය කඩලා යනවා. මේවා නැවත සකස් කිරීම තමයි අලූත්වැඩියාවක් ලෙස කරන්නේ. ..තවත් දෙයක්., ආදාහනාගාරවල ඇතුළේ යකඩින් අලූත්වැඩියා කරන්න හොඳ නැහැ. මොකද නිතර රත්වන නිසා යකඩ ඉක්මනින් විනාශ වෙනවා. ගිනිගල් යෙදුවොත් කාලයක් පවත්වා ගෙන ගිය හැකියි. ගින්දර වදින කිසිම තැනකට යකඩ පාවිච්චි කරන්න බැහැ.

දැන් වසර තිහකට ආසන්න කාලයක් මේවා එක්ක ගැටිලා ගාණක්වත් නැහැ. බොහෝ වෙලාවට දේහයක් බාගෙන දැවුණ ආදාහනාගාර හදන්න වෙනවා. ඒ වෙලාවට දේහය ඇතුළේ තියෙද්දි තමයි ඒ කාර්යය කරන්නේ. දේහයක් ඇතුළේ නැති වෙලාවට මේ දාහක කොටසට නැගලා එහි තත්ත්වය බලන්නත් අලූත්වැඩියා කටයුතු කරන්නත් සිදු වෙනවා. ඒත් දැන් කිසිම චකිතයක් බයක් සැකක් හිතට දැනෙන්නේ වත් නැහැ. ….” ලලිත් කියයි.

පළාත් පාලන ආයතන යටතේ රට පුරා ආදාහනාගාර දෙසිය තිස් නවයක් තිබේ. ඉන් ආදාහනාගාර එකසිය හයක්ම ඇත්තේ බස්නාහිර පළාත් තුළය.

කොළඹ මහ නගර සභාවට අයත් බොරැුල්ල මාදම්පිටිය ජාවත්ත කිරුළපන ඇතුළු ආදාහනාගාර දහතුනක් තිබේ. මේ දිනවල ඒ සියල්ලක්ම කාර්යය බහුලය. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව යටතේ වන කළුබෝවිල නැදිමාල සහ කොටිකාවත්ත පිහිටා ඇති ආදාහනාගාර මේවන විට පැය දහයක සේවා කාලයක් සපයමින් සිටී. ගම්පහ දිස්ත‍්‍රික්කයේද පළාත් පාලන ආයතන දහතුනක ක‍්‍රියාත්මක කෙරෙන ආදාහනාගාර දිව ? සක‍්‍රිය තත්ත්වයේ ඇත. මහනුවර මහ නගර සභාව යටතේ මහයියාව ආදාහනාගාර දෙකක් නිරතුරුව ක‍්‍රියාත්මක වේ. ඊට අමතරව මහනුවර දිස්ත‍්‍රික්කයේ ද පළාත්පාලන ආයතන යටතේ ක‍්‍රියාත්මක ආදාහනාගාර දහයක් තිබේ. මේ සියල්ල දිනපතා උදේ නවයේ සිට රාත‍්‍රි නවය තෙක් ක‍්‍රියාත්මකය.

"දේහයක් බාගෙට දැවුණු ආදාහනාගාරත් අලුත්වැඩියා කරන්න වෙනවා" - රටේම ආදාහනාගාර අලුත්වැඩියා කරන ලලිත් කියන කතාව
දේහයන් දෙකක් එකවර ආදාහනය කළ හැකි ආදාහනාගාරයක්

ලංකාවේ විශාලතම සුසාන භූමිය වන්නේ බොරැල්ල සුසාන භූමියය. අක්කර පනස් නවයකින් යුත් එම සුසාන භූමියේ අද වන විටද භූමදානය සඳහා අඩු නැතිව මෘතශරීර යොමු කරනු දක්නා ලැබේ. දෙවැන්න මහනුවර මහයියාවේය. අක්කර පනස් හයක් පුරා විහිදී ඇති මහයියාව සුසාන භූමියේ ද අද වන විට දිනකට අවම මෘතශරීර පහක්වත් භූමදානය කෙරෙයි. එලෙස අදවන විට භූමදානය කරනු ලබන්නේ කොවිඞ් නොවන මරණ පමණි. කොවිඞ් ආසාදිත මරණ භූමදානය සඳහා යොමුකරන්නේ නම් ඒ ඔට්ටමාවඩි වෙත පමණි. ඔට්ටමාවඩි සුසාන භූමියේ මේ වන විට කොවිඞ් ආසාදිත මළසිරුරු එක්දහස් පන්සියයකට ආසන්න මෘත දේහ සංඛ්‍යාවක් භූමදානය කර තිබේ.

ආදාහනාගාරයක මෘත දේහයක් දැවෙන්නේ ගෑස් උපයෝගි කරගනිමිනි. දර උපයෝගි කොටගෙන ආදාහනාගාර ක‍්‍රියාත්මකව ඇත්තේ එක්දහස් නවසිය හැත්තෑව අසූව දශකයන්හි පමණකි. සෙරමික් ක්ෂේත‍්‍රයේ පළමු රැුකියාව කළ ලලිත් ලංකා සෙරමික් ආයතනය මගින් ආදාහනාගාර අලූත්වැඩියා සිදුකරන කළ, එම කටයුතු සඳහා සහභාගිව ඇත. එම කටයුත්ත පිළිබඳව ආසාවක් ඇතිවීමෙන් සෙරමික් ආයතනයේ සිටියදීම මේ සම්බන්ධ වැඩිදුර ඉගෙනීමටත් යොමුව ඇත. අනතුරුව ඔහු විසින්ම ආදාහනාගාර ඉදිකිරීමේ කටයුතු ද සිදුකර තිබේ. ඒ පිළිබඳව ඔහු මෙලෙස කීය.

"දේහයක් බාගෙට දැවුණු ආදාහනාගාරත් අලුත්වැඩියා කරන්න වෙනවා" - රටේම ආදාහනාගාර අලුත්වැඩියා කරන ලලිත් කියන කතාව
ගෑස් ආදාහනාගාරයක ක‍්‍රියාවලිය සිදුවන අයුරු

”ආදාහනාගාර ඉදිකිරීම ගැන ඔය කාලේ කවුරුත් අවධානය යොමු කළේ නැහැ. සෙරමික් එකේ ඉංජිනේරු අංශය මට කතා කරලා දාහක හදන්න පුළුවන්ද කියලා ඇහුවා. 1989 වසරේ පමණ මේ වැඩ පටන් ගත්තේ. සෙරමික් එක්ක එකතු වෙලා ආදාහනාගාර හතළිහක් පමණ ඉදි කළා. වසර තිහක පමණ පළපුරුද්ද මට තිබෙනවා. මුලින් තනිවම ආදාහනාගාරයක් හදන්න යොමු වුණේ දෙදාහ දෙදහස් එක වගේ වසර වල. ඉන් පසුව ආදාහනාගාර විස්සක් විතර තනිවම හදලා තිබෙනවා.

ආදාහනාගාරයක් හදන්න අවුරුද්දක් විතර යනවා. දිගින් දිගට එකදිගටම හදාගෙන යන්න වෙන්නේ නැහැ. රජයේ වැඩ කටයුත්තක් කරද්දි මුදල් යෙදවීම සහ ලබාගැනීමේ ඇතැම් ගැටලූ මතු වෙනවා. දෙදහස් දෙකේදි  ආදාහනාගාරයකට වැය වුණේ රුපියල් ලක්ෂ තිස් නවයක් හතළිහක් පමණයි. දැන් සම්පූර්ණයෙන් ආදාහනාගාරයක් හදන්න රුපියල් ලක්ෂ එකසිය පනයහක් වැය වනවා. …”

ආදාහනාගාරයක අභ්‍යන්තර කටයුතු අපට අමුතුය. දේහයක් ඉවත්කර අනෙක් දේහය ආදාහනය කරන අතරතුර පෙර දේහයේ අළු එකට මිශ‍්‍රවනු ඇතිදැයි අපට සිතේ. නමුත් මෙහි ක‍්‍රියාවලිය ඊට වෙනස්ය. ලංකාවේ  ආදාහනාගාර බොහොමයක්ම ඩවුන් ග‍්‍රාෆ්ට් down graft හෙවත් බිම් මට්ටමේ සැකසූ ආදාහනාගාර ලෙස හඳුන්වයි. දැවෙන ගිනි රස්නය දුම සියල්ල පොළව යටින් සකසා ඇති කාණුවක් වැනි කොටසින් ගමන් කර අනතුරුව ඉහළට සකසා ඇති කණුව දිගේ ඉහළට ගමන් කරයි.

ඩවුන් ග‍්‍රාෆ්ට් ආදාහනාගාරයක පොළව අභ්‍යන්තරයේ ඇති පෝරණුවේ සකසා ඇති බඹරයක් වැනි කොටසින් යෙදෙන බලයෙන් හුලං කැරකීමක් ද සිදුවේ. එලෙස හුලං රවුමට කැරකෙන විට හිස් අවකාශයේදි අලූ පහළට වැටෙයි. එවිට චිමිණියෙන් පිටට යන්නේ දුම පමණකි. පෝරණුව පොළව දෙසට සකසා ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත බවත් අළු සියල්ල පහළට ක‍්‍රමවත්ව හැලෙන ලෙසත්ය. අළු පහලට වැටෙන්නට තැටි තුනක් තිබේ. ඒවා ක‍්‍රමවත්ව එකිනෙක මාරුවන්නේ ඒ ඒ දේහයන් දවන අවස්ථාවේදීය.

දේහයක් දහනය වන අවස්ථාවේ ක‍්‍රියාවලිය ලලිත් මෙසේ කීවේය.

”දේහයක් පුච්චන්න දාහක තුනක් තිබෙනවා. උඩින් සහ පසුපස යටින් වෙනම දාහක තිබෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක අටසියයත් එක්දහස් එකසියයක් පමණ වෙනවා. මිනියක් පුච්චන්න පැය එකහමාරක් ගෑස් කිලෝ දහයත් දොළහත් අතර ප‍්‍රමාණයක් අවශ්‍යයි. ගෑස් සහ හුලං දුන්නාම ලොකු ගින්දරක් ඇතිවෙනවා.

මිනිය විතරක් පිච්චෙන වෙලාවෙදි දුමක් යන්නේ නැහැ. මිනිය විතරක් දැවෙන්න පෙර පෙට්ටියේ ඇති ලෑලි, ලී කුඩු පිදුරු රෙදි සියල්ල දැවෙනවා. ඒ වෙලාවට තමයි ඉහළට දුමක් යන වග පෙනෙන්නේ. මේවායේ අළු පහළට වැටිලා ඉතිරි වෙනවා. මෘත දේහයක් ඇවිලෙනවා කියන්නේ වතුර සහ තෙල් දහනය වීමක්. අත්පය මුලින්ම පිච්චෙනවා. ඔළුව කොටසත් තරමක් කෙටි වේලාවකින් පිච්චෙනවා. බඩකඳ තමයි පිච්චෙන්න වෙලා යන්නේ…”

ආදාහනාගාරයකදි එක් මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා පැය තුනක කාලයක් වෙන්කරනු ලබයි. අධික

ගිනිරස්නය සම්පූර්ණයෙන්ම නිවී ගිය පසුව තවත් දේහයක් ඇතුළු කිරීම නියමිත ක‍්‍රමවේදය නිසාය. නමුත් දැන් මෙහි කදිම වෙනසක් සිදුව තිබේ. නවීන ආදාහනාගාර කට්ටල තුනක් බොරැුල්ල ආදාහනාගාරය වෙත ලැබීමත් සමගය. ඒ විස්තරය ලලිත් කීවේ මෙලෙසය.

”බොරැුල්ල කනත්තට නවීනතම යන්ත‍්‍ර තුනක් ඇමරිකාවෙන් ගෙන්වන්න කොළඹ මහ නගර සභාව කටයුතු කළා. එක් යන්ත‍්‍රයක මිල රුපියල් ලක්ෂ හාරසියයක්. මෙහි තිබෙන ගෑස් දාහකයට එකවර මළ සිරුරු දෙකක් වුවත් දැමිය හැකියි. මෙහි තිබෙන සුවිශේෂිම කාරණය තමයි.., ආදාහනය වන මළ සිරුරෙන් එක දුම බිඳක්වත් එක අළු බිඳක්වත් ඉන් පිටතට නොපැමිණීම. අවට පාසල්, මාතෘ නිවාස, ළමා රෝහල්, රෝහල් තිබෙන නිසා ඒ ගැන අවධානය යොමු කරන්නත් නගර සභාව කල්පනා කළා.

අලූතින් ගෙනා එක් ආදාහනාගාරයකට කිලෝ දාහත් එක්දහස් එකසියයත් පමණ ප‍්‍රමාණයක් උෂ්ණත්වයක් යනවා. බොරැුල්ලේ කනත්තේ අලූත් මැෂින් වල දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ. වෛද්‍යවරු සමග සාකච්ඡුා කරලා රෝහල්වල ගොඩ ගැසී ඇති මළසිරුරු සීතකරන ලද කන්ටේනර් පෙට්ටියක තබන ලෙසත් වරින් වර හැකි පමණ ආදාහනය කරන ලෙසත් සැලසුමක් සකස් කළා. ඒ අනුව එකදිගටම මළසිරුරු කරදරයක් නැතිව ආදාහනය කරන්න පුළුවන්. මේ අලූත් ආදාහනාගාරයේ මළ සිරුරක් අතින් දාන්න අවශ්‍ය නැහැ. සියල්ල ට්‍රොලියකින් සිදු වන්නේ…”

ආදාහනාගාර අලූත්වැඩියාව සඳහා ලලිත් උතුර හැර සෙසු සෑම පළාතකටම යන්නේ මේ සඳහා වන පිරිස හි`ග නිසාය. ලලිත් සම තවත් තුන්දෙනකු පමණක් ආදාහනාගාර අලූත්වැඩියාව සඳහා යොමුව සිටින බවක් ඔහු කියයි. තවත් පස්දෙනකු නර්ඞ් ආයතනය යටතේ සිටින බවද ලලිත් කියයි. මේ අය නිරන්තරයෙන්ම සිදු කරන්නේ

ආදාහනාගාර අලූත්වැඩියාවය. වර්තමානයේ ආදාහනය කරනු ලබන්නේ කොවිඞ් දේහයන්ය. එසේ නම් මෙම පිරිසට කොවිඞ් වෛරසය ආසාදනය වීමේ හැකියාව නැතිද..?

”දේහයක් පුච්චන්න අවශ්‍ය බර්නර් (දාහකයේ) කටෙන් දැල්ල උෂ්ණත්වය දාහක් විතර සැරට පිට වෙනවා. මේ තරම් උෂ්ණත්වයක කොවිඞ් වෛරසසය විනාශ වෙනවා.. මෙතෙක් ආදාහනාගාරය අසලම ගැවසෙන අයට කොවිඞ් ආසාදනය නොවීමට හේතුවත් එයයි…” ලලිත් කියයි.

ලලිත් ශ්‍යාමකුමාර දංකොටුවේ උපන් අයෙකි. මොහු මේ අදටද දංකොටුවේ ජීවත් වෙයි. කටුකෙන්ද මහා විද්‍යාලය හෙවත් වත්මන ශ‍්‍රී සංඝබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ලලිත් එක මොහොතක් හෝ පසුගාමි නොවී අක‍්‍රිය වූ ආදාහනාගාර වෙත යන අයෙකි. බොරැුල්ල ගල්කිස්ස දෙහිවල මහරගම මහයියාව මාතර පොළොන්නරුව වැනි නගරවල ඉදිකර ඇති ප‍්‍රධාන ආදාහනාගාර සම්බන්ධයෙන් නිතර විමසිලිමත් ඔහු සෙසු ආදාහනාගාර සම්බන්ධයෙන්ද සියලූ තතු දන්නේය. ඒවා අලූත්වැඩියා කළ කාලය, නැවත අලූත්වැඩියාවක් සිදුකළයුතු කාලය ආදිය පිළිබඳව හොඳ අවබෝධයක්ද ඔහුට තිබේ.

”මම මගේ රස්සාව ගැන අතිශය තෘප්තිමත්. බොහෝ දෙනෙක් මල මිනී අතපත ගාන තැනක සේවය කරන්න පිළිකුල් කරනවා. නමුත් මම එහෙම නැහැ. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න හොඳම රස්සාව තමයි මේ. මම කිසි වෙලාවක ආදාහනාගාරයක හෝ සුසාන භූමියක වැඩ කරන්න බය නැහැ. දවල් ? නොතකා නැවතිලා තියෙනවා. දාහකයේ මළ සිරුරක් තිබුණත් අලූත්වැඩියා කරන්න වූ අවස්ථා තියෙනවා. මළ සිරුරක් තියෙද්දි ඇතුළට ගිහින් හදන්න බලන්නේ නැහැ. නමුත් හිතට කිසිදවසක බයක් සැකක් නැහැ. මොකද මේ කාගේ හරි මවක් පියෙක් සහෝදරයෙක් සහෝදරියක් දුවෙක් පුතෙක් කියන හැ`ගීම මට තිබෙනවා. අනෙත් දෙය ඉතිරි වෙලා තිබෙන කයක් ගැන පිළිකුලක් කරන්න හොඳ නැහැ. ඒකම පවක් වෙන්න පුළුවන්. හැරදා ගිය කය ගෞරවාන්විතව අවසන් කිරීමයි අපේ යුතුකම විය යුත්තේ…” ලලිත් කීවේය.

සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment