පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අය කරනු ලබන චැනල් ගාස්තු ද සෙසු භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව රුපියල් දහසකට වඩා වැඩි ගණනකින් වැඩි කර තිබීම හේතුවෙන් රෝගී ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටිති.
පෞද්ගලික රෝහල්වල චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සේවා ගාස්තු වැඩි වීම යටතේ මාස කිහිපයකට පෙර රුපියල් 2400ක් වැනි මුදලක් අය කළ වෛද්‍යවරයකුගේ සේවා ගාස්තුව මේ වන විට රුපියල් 3500ක් දක්වා ඉහළ දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මේ අතර පෞද්ගලික ඔසුසල්වලින් අලෙවි කරන බෙහෙත් වර්ගවල මිල ගණන් ද සීමාවකින් තොරව විවිධ ප්‍රමාණයන්ගෙන් වැඩි වෙමින් තිබීම හේතුවෙන් වැය කිරීමට සිදු වන මුදල ඉහළ යෑම නිසා බොහෝ රෝගීන් විසින් ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් බෙහෙත් වර්ග මිල දී ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වෙයි. රෝගී ජනතාව තවත් අසීරුතාවයට පත් නොකර පෞද්ගලික ඔසුසල්වල අලෙවි කරනු ලබන බෙහෙත් වර්ගවල මිල ගණන් අසීමිත ලෙස වැඩි වීම වැළැක්වීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බව ඖෂධවේදීහු පවසති.
ඒමන්ති මාරඹේ