ශ්‍රී ලක්ෂ්මි දේවතාවිය මිනිස් සත්ත්වයන්ට ලෝක සම්පත, ධන සම්පත, සැප සම්පත ශ්‍රී සෞභාග්‍ය ලබාදෙන බව භාරතීය දේව පුරාණ පොත් පත් ඇසුරෙන් දැනගන්නට ලැබේ. ශ්‍රී ලක්ෂ්මි යන නාමයේ අර්ථය වන්නේ ශ්‍රී අක්ෂරයෙන් භාග්‍ය සම්පත්තිය හා වාසනාවයි. ලක්ෂ්මි යන්නෙන් සාර්ථකත්වය, නොවරදින ඉලක්කය, උත්සාහය තුළින් ජීවිතයේ විශිෂ්ට අරමුණු මුදුන් පත් කරගෙන සාර්ථක උතුම්, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට හැකි බවයි.
ශ්‍රී ලක්ෂ්මී දේවිය ඇඟලා සිටින්නේ රන්වාටියකින් යුක්ත රක්ත වර්ණ සාරියකි. ඇයට අත් සතරකි. එක් අතක රන් කාසිද, අනික් අත් දෙකේ රතු නෙළුම් මල් දෙකක් ද වේ. සමහර මූර්ති හා රූප දෙපසින් ඇතුන් දෙදෙනෙකු හොඬින් ඔසවා රන් කෙණ්ඩියකින් පැන් ඉසින අයුරු පෙන්වා ඇත. රන්වන් වාටියකින් යුත් රක්ත වර්ණ සාරියෙන් සමෘද්ධිය හා සශ්‍රීකත්වය පෙන්වයි. මනුෂ්‍ය ජීවිතයේ සීමාවන් වන ධර්ම, අර්ථ, කර්ම, මෝක්ෂ යන්නද ධර්මයෙන් නිවැරදි දැක්ම ද, කාම යනු හරියාකාර තෝරා ගැනීම ද, අර්ථ යනු සම්පත් ද, මෝක්ෂ යනු ඉපදීමෙන් හා මරණයෙන් නිදහස් වීමද යන්නයි. එමෙන්ම ඉදිරිපසට විහිදුවා ඇති අතින් භෞතික ලෝකයේ ක්රියාකාරීත්වයද පසු පස අතින් පිරිසිදු චර්යාව සංකේතවත් වන බවද, නෙළුම් මලෙහි පසුපසින් ඇති අතින් ලෝකයේ ක්‍රියාත්මක විය යුතු ධර්ම ක්‍රියාමාර්ගය ද සංකේතවත් වේ. රන් කාසි හෙළන රන් කළයෙන් නිරූපණය වන්නේ ශ්‍රී ලක්ෂ්මි අදහන භක්තිවන්තයන්ට සෞභාග්‍ය, සමෘද්ධිය, ධන සම්පත්, භවභෝග සම්පත් ඉටුවෙන බවයි. ඉදිරිපසට දිගු කර ඇති අතින් පිළිබිඹු වන්නේ, ඇය පුදන සැමට ආශිර්වාද කිරීමයි. ඇතුන් දෙදෙනා දෙපසින් සිට සොඬවැලින් පැන් ඉසින්නේ ත්‍රයි ලෝකයේ සම්පත් විශ්වාසවන්තව අදහන්නන්ට සාධාරණව ඉටුවන බවයි. මෙම ලක්ෂ්මි දේවිය අවතාර අටකින් මිනිස් සත්ත්වයන්ට පිහිට වන බවද දේව පුරාණ විත්ති පොතේ සඳහන්ව ඇත.
එම ලක්ෂ්මි දේවතාවියන් අෂ්ට ලක්ෂ්මි යනුවෙන් නම් කර ඇත්තේ මේ ආකාරයටය. 1. ආදි ලක්ෂ්මි 2. ධාන්‍ය ලක්ෂ්මි
- ධෛර්යය ලක්ෂ්මි 4. ගජ ලක්ෂ්මි 5. සන්තාන ලක්ෂ්මි 6. විජය ලක්ෂ්මි 7. ධන ලක්ෂ්මි 8. විද්‍යා ලක්ෂ්මි යනුවෙන්ය.
ඒ හැර 1. ආරෝග්‍ය ලක්ෂ්මි 2. සෞභාග්‍ය ලක්ෂ්මි 3.රාජ්‍ය ලක්ෂ්මි 4. සංස්කාර ලක්ෂ්මි 5. සෞන්දර්ය ලක්ෂ්මි 6. ගෘහ ලක්ෂ්මි 7. දීප ලක්ෂ්මි 8. ඔසුධ ලක්ෂ්මි යනුවෙන්ද හඳුන්වා ඇති අතර එම ලක්ෂ්මි දේවතාවියන් ගෙන් මිනිස් සත්ත්වයන්ට අත්වන සෙත් මෙසේ දක්වා ඇත.
- ආරෝග්‍ය ලක්ෂ්මි :- ධන්වන්තරී ඍෂිවරයා වෛද්‍ය ශාස්ත්රයේ මූලිකයාය. ආරෝග්‍ය ලක්ෂ්මි හා ධන්වන්තරීගේ ඍෂි බලයෙන් ලෙඩ රෝග ආදියෙන් මුදා සෙත සලසයි. නිරෝගී සුවය ලබාදේ. පවුලේ සැමට නිරෝගී සුවය ලබාදේ. දීර්ඝායුෂ ඇති කරයි. නිවසේ පිරිසිදු භාවය අනුවත්, ලක්ෂණ අනුවත් ලක්ෂ්මිගේ ආශිර්වාදය හා සෙත සැලසේ.
- සෞභාග්‍ය ලක්ෂ්මි :- ධන සම්පත්, සතුට, වාසනාව, ඉබේ ලැබෙන ධන සම්පත්, භූමි ලාභ, නිධන් වාස්තු ආදිය ලබාදෙන්නීය.
- රාජ ලක්ෂ්මි :- මෙම දේවියගේ බැල්ම ලැබීමෙන් රජකම්, ඇමැතිකම්, ප්‍රභූ තනතුරු, රැකියා උසස් තනතුරු, කීර්තිය, බලය ඇතිවී රාජ සම්පත් ලැබේ. රාජයෝග ඇත්තන්ට විශිෂ්ට ප්‍රතිඵල උදාකර දේ.
- සංස්කාර ලක්ෂ්මි :- කුඩා අවදියේ සිටම වටිනා ත්‍යාග, අධ්‍යාපනය, හොඳ ගුරුවරු, මිතුරන් ආශ්‍රිතව හැසිරේ. වැරදි මාර්ග, නරක ඇසුරින් ඈත් කර යහපත් ක්‍රියාවන්ට යොමුකර ප්‍රශංසාව ලබාදේ. පණ්ඩිත ඇසුර උතුම් සේ සලකයි.
- සෞන්දර්ය ලක්ෂ්මි :- තුන් ලෝකයේම දෙවඟනන් අතරින් ඉතාම ලස්සන දෙවඟන වේ. ලක්ෂ්මි ගී ස්තෝත්ර ගයන්නේ නම් පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ මුහුණු ප්‍රභාමත් වේ. දුටුවිටම ආකර්ෂණය ඇතිවේ. මුහුණේ කැළල්, ළප, කුෂ්ඨ, බිබිලි මතු නොවේ. රූපශ්‍රීය ඇතිවේ. ස්ත්‍රී පුරුෂ විවාහ ප්‍රමාද දුරුකර වාසනාවන්ත විවාහයක් සිදුකර දේ. ස්ත්‍රී පුරුෂ සංවාසයේදී ස්ත්‍රීන් රතියක් ලෙස පුරුෂයා පිනවන්නියකි. පුරුෂයන් කාම දෙවියෙක් මෙන් ස්ත්‍රිය පිනවයි.
- ගෘහ ලක්ෂ්මි :- නිවස තුළ මෙම දෙවඟනගේ රූපයක් තබා පහන් දල්වා සුවඳ දීමෙන් එම නිවසේ සියලුම කාන්තාවන්ට
ගරුත්වය, ප්‍රසාදය, ආරක්ෂාව ඇතිවේ. පිරිමි දරුවන් කාන්තාවන් විවාහ කරගෙන නිවසට කැඳවාගෙන ආපසු ඇය වාසනාව ගෙනදෙන ගෘහ ලක්ෂ්මිය වන බව කියා ඇත. ඇය පවුලේ දියුණුවට උත්සාහ කරයි. ඇය ශ්‍රියා කාන්තාවක්ම වේ.
- දීප ලක්ෂ්මි :- පවුලේ ජීවිතය ආලෝකවත් කරන්නේ ඇය පහනක දැල්ල සේය. නිවැසියන් මනසින් නිවැරදි මගට යොමු කරන්නියකි. හරි වැරැදි නරක පිළිබඳව අවබෝධය ලබාදේ. නිවැරදි තීරණයන් ගනී. ගුණ ගරුකව සදාචාරවත්ව හැසිරේ. සමාජයේ ප්‍රසාදයට පත් වේ. නිවසට ධන සම්පත් ද ලැබේ.
- ඔසුද ලක්ෂ්මි :- මෙම ලක්ෂ්මි උදේ හවස ඇදහීමෙන් භූමිලාභ, නිධන් වස්තු, නිවාස ලාභ ලැබේ. ලස්සන නිවාස ඉදිකර ගැනීමට ධනය පහළ වේ. මෙම දේවිය භූ දේවි, භූ ලක්ෂ්මි යනුවෙන්ද හැඳින්වේ. ඒ පොළව සතු දේවල් ලැබෙන නිසාය. මිනිස් ජීවිතයට අදාළ ජලය, සරුපස ද, දේශගුණය, වාතය මේ ලක්ෂ්මි දේවිය ගෙන දේ.
ඉහත ශුභඵල ඔබටත් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව මෙම යන්ත්‍රය තඹ පතක හෝ රන් – රිදී පතක ඇඳ, කර පළඳින්න. පහත සඳහන් මන්ත්‍රවලින් නිසිවාර ගණනකින් ජපකර යන්ත්‍රයේ දිග අඟල් 7, ක්ද පළල අඟල් 2, ක්ද විය යුතුයි.
මේ සඳහා මල්, බුලත් තටුවට පූජාව වශයෙන් නෙළුම් මල් 3ක්, ගිතෙල් පහනක්, කිරිබත්, උක් හකුරු, එළකිරි, විළඳ, මී පැණි, සුදු හඳුන්, බුලත්, පළතුරු වර්ග 9ක්, තැඹිලි ගෙඩියක්, රතු අරලිය මල් හා කාන්තා ආභරණ හා ඇඳුම් තබා ගන්න.
ශ්‍රී කාන්තා අඳුන සඳහා මෙම ඖෂධ වර්ග පසළොස්වක පෝදින අඹරා ගන්න. නෙළුම් රේණු, සමන් පිච්ච මල්, සේපාලිකා, කොබෝනීල මල්, සුදු රත්මල්, සුදු අරලිය මල්, සුදු කටරොළු, සුදු වදමල්, බෙලි මල්, සැවැන්දරා, විෂ්ණුක්‍රාන්තිය, සුදු හඳුන්, සක් කුඹු, කුංකුමප්පු, සාම්බ්‍රානි, රන්තැඹිලි මුල්, සුදු සාරණ මුල්, කීකිරිඳිය මුල්, සඳුන් තෙලින් අඹරා මල් අසුනේ යන්ත්‍රය සහිතව තබා මෙම දිෂ්ටි මන්ත්‍රයෙන් 108 වරක් ජපකර ගන්න.
ඕං හ්රීං ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී ශ්‍රියා දේවී දිෂ්ටි වර වර නමඃ :- ඕං ශ්රීං ශ්‍රියා කාන්තා දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඃ :- ඕං හ්රීං ශ්‍රියා කාන්තා දේවී දිෂ්ටි බන්ධ බන්ධ ඒස්වාහඃ
මේ මන්ත්‍රයෙන් 108 වර ජපකර ප්‍රාණය ඇති කරන්න. ඕං හ්රීං හ්රීං සවේ සවේ රහිතේ රහිතේ ක්ලිං ක්ලිං සවේසවේ හිතේ හිතේ සර්ව ඖෂධ ප්‍රාණ හිතං විතරෙ නමෝ නමස්මාහා ඕං සර්ව මන්ත්‍ර ඖෂ්ධ ප්‍රාණ ප්‍රාණ ප්‍රාණ ඒස්වාහා….
ජීවම් මන්ත්‍රය :- ඕං ශ්‍රී විෂ්ණු නාරායනේ නමඃ ඕං හ්රීං ශ්‍රියා දේවී කමලා දේවී ශ්‍රියා කාන්තා දේවී නමඃ ඕං ශ්‍රී අදර සක්ති කමලා සනාය නමඃ ඕං නමෝ රත්නත්රයාම් ශ්රියාදේවි ජය භූමි ජය දේවි සර්ව ජය සිද්ධිකාරී සර්ව සෞභාග්‍ය වෘධිකරී සර්ව ඓස්චර්ය (තමාගේ නම) මෙමා සිතූ අභිවෘද්ධියට කිරි මුහුද ගැලි ගැලී වාවා, ඕං නමෝ නමඃ ආදී ලක්ෂ්මි බන්ද ධාන්‍ය ලක්ෂ්මි, බන්ද ධෛර්යය ලක්ෂ්මි, බන්ද ගජ ලක්ෂ්මි, බන්ද සන්තාන ලක්ෂ්මි, බන්ද විජය ලක්ෂ්මි, බන්ද ධන ලක්ෂ්මි, බන්ද විද්‍යා ලක්ෂ්මි, බන්ද බන්ද ඒස්වාහඃ… (321 වර ජප කරගන්න)
මෙම යන්ත්‍රය සහ ශ්‍රී ලක්ෂ්මි අඳුන රන්, රිදී හෝ පස්ලෝ සුරයක පැළඳීමෙන් ශ්‍රී ලක්ෂ්මි බැල්ම වැටී ශ්‍රියාව ඇතිවී සියලු ආරක්ෂාව ලැබී ප්‍රධානීන්ගේ සිත් ඇඳ බැඳීමට, නඩුවලින් ජය ලබන්නට, අංගම් පිල්ලු කොඩිවින නොවැදීමට, තම අභිමතාර්ථ ඉටුවීමට, ග්‍රහ දෝෂ විකාර දුරුවීමට, සතුරු පරාජයට, මහපොළව සතු ඛනිජ වර්ග වන කළුගල්, ගඩොල්, උළු, මැණික්, මිණිරන්, ජලය, පිඟන් මැටි, වැලි ආදී ව්‍යාපාරිකයන්ට, වෙළෙඳ ව්‍යාපාරිකයන්ට දියුණුව ඇතිවී ගඟක් ගලා උතුරන්නා සේ ධන ධාන්‍ය භවභෝග, සැප සම්පත්, යස ඉසුරු ලැබෙයි. විවාහ ප්‍රමාද ස්ත්‍රී පුරුෂයන්ට වශී ආකර්ෂණය ඇතිවී වාසනාවන්ත විවාහ ඉටුවීමට, විභාග ජය ලබන්ට, පාඩම් හිටීමට, වෛද්‍ය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට, රැකියා ලැබීමට, තරග දිනා ජය ලැබීමට මෙම අඳුන සහිත යන්ත්‍ර රාජයා පැලඳීමෙන් ස්ත්‍රී පුරුෂ සැමට යන යන තැන කේශර සිංහ රාජයෙකු මෙන් මහත් තේජස් ප්‍රතාප කීර්ති ආදියෙන් විරාජිත වෙයි. මෙම යන්ත්‍රය සහ අඳුන පලඳින විට සිකුරාදා දිනක කැඩපතින් මූණ බලා පලඳින්න. මන්ත්රවේදයේ ඇති උපදෙස් අනුව කරන්න. ශුභ පල උදාවේ.
ඉඳුවර ගෞරව සම්මානනීය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා ජෝති, ගුප්ත
විද්‍යා කීර්ති වාස්තු විද්‍යා උපදේශක,
දේශබන්දු, සාම විනිසුරු රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල 0770730062