ධනීස්ලා යළි රිමාන්ඩ් කරද්දී ජීවන්ත පීරිස් පියතුමා උසාවියට භාරවෙයි

269


ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ධනීස් අලි ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු මෙම මස 26 වැනිදා දක්වා යළි රිමාණ්ඩ් බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.මේ අතර ගාලුමුවදොර අරගලය භූමියේ ක්‍රියාකාරීව සිටි ජීවන්ත පීරිස් පියතුමා අද පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් උසාවිය වෙත නීතීඥවරුන් මගින් භාර විය.

advertistmentadvertistment
advertistmentadvertistment