ධනුෂ්ක ගැන ක්‍රීඩා ඇමැති වහාම වාර්තාවක් කැඳවයි

419

ඔස්ටේ්‍රලියාවේදී චෝදනාවට ලක්වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට ඊයේ (6 දා) උපදෙස්දී ඇත.

ධනුෂ්ක ගුණතිලක ආබාධයට ලක්වීම නිසා අතිරේක ක්‍රීඩකයකු ඔස්ටේ්‍රලියාවට යවා සිටියදී ඔහු යළි මෙරටට නොඑවීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනයෙන්ද මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇතැයි අමාත්‍යාංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ඔස්ටේ්‍රලියානු තානාපති සහ මෙම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් ඇතුළු කිහිපදෙනකු සූම් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවී සාකච්ඡා කිරීමට නියමිතව සිටි බවද ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ විනය සහ පරිපාලනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා


advertistmentadvertistment