ධම්මිකගේ හේලීස් ශ්‍රී ලංකන් ගන්න කැමැත්තෙන්

769

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශ්ව 6 අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමාගම ද වේ. එම සමාගමේ 51% කොටස් හිමිකරුවා වන්නේ ධම්මික පෙරේරා මහතාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත මෙරට ආයෝජකයින් තිදෙනකු ඇතුළු ආයෝජකයින් 6ක් කැමැත්ත පළකර ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ප්‍රකාශ කරයි. ඒ අතරට ලොව ප්‍රමුඛ පෙළේ අඩු මිල ගුවන් සමාගමක් වන එයාර් ඒෂියා සමාගම සහ මෙරට ක්‍රියාත්මක ෆිට්ස් ඒවියේෂන් ද ඇතුළත්ව ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනකුගේ විස්තර පෙරේදා (22දා) අනාවරණය කරනු ලැබීය.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශ්වයන් වන්නේ, එයාර් ඒෂියා සමාගම, ධර්ශාන් එලයිට් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්, ෆිට්ස් ඒවියේෂන් සමාගම, ශේරිෂා ටෙක්නොලජිස් සමාගම සහ හේලීස් සමාගමය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment