ධීවර යාත‍්‍රාව පෙරළී අයෙක් මරුට

200

දොඩන්දුව ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ඊයේ (10) රාත්‍රි ගාල්ල මහමෝදර ආසන්න මුහුදු තිරයේදි අනතුරට ලක්විමෙන් එහි සිටි තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇත.

අනෙක් දෙදනා නාවික හමුදාව විසින් බේරාගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ සවස මුහුදු ගොස් ඇති මෙම වල්ලම් ඔරුවේ කොල්ලෑවට වතුර දැමිම හේතුවෙන් නැවත ගොඩ බිමට පැමිණිමේදි මෙසේ අනතුරට ලක්ව ඇත.

එම අවස්ථාවේ නාවික හමුදාව විසින් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙක් අතුරුදහන්වි ඇති අතර පසුව අතුරුදහන්වු ධිවරයා සොයා අද අලුයම දක්වා සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණ.
එහිදි ගල්පර අතර සිරවි තිබු අතුරුදහන්වු ධිවරයාගේ සිරුර සොයාගෙන ඇත.


advertistmentadvertistment