ධීවර රැකියාවේ කාන්තාවගේ භූම්කාව

296

ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති සහ සුළු පරිමාණ ධීවරයින් සඳහා වන ශ‍්‍රී ලාංකේය එකමුතුවේ (Sri Lanka Forum for Small Scale Fisheries)හි සභාපති, මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා විසින් රචිත ”Caught between the Devil and the Troubled Waters( Bizarre story of fishers hit by the Xpress Pearl Ship Disaster˜ ලිපියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

 ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් අද වන විට ක‍්‍රමක‍්‍රමයෙන් හරිත ආර්ථිකයක සිට නීල ආර්ථිකයක් වෙත නැඹුරු වෙමින් සිටියි. ඒ, රැුකියා උත්පාදනය, ආදායම් ඉපයීම, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සහ ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම යනාදී ඉලක්ක සපුරා ගනු පිණිස සාගර සම්පත් උපයෝගී කර ගැනීමේ අභිප‍්‍රායෙනි. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා සමුද්‍රීය ප‍්‍රවාහනය වැනි සාම්ප‍්‍රදායික සාගර ක‍්‍රියාකාරකම් වලට අමතරව, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ජලජීවී වගාව, මුහුදු පත්ල ආශ‍්‍රිතව කෙරන නිස්සාරණ ක‍්‍රියාකරකම් පමණක් නොව, සමුද්‍ර ජෛව තාක්ෂණය හා ජෛව නිරීක්ෂණය වැනි ක්ෂේත‍්‍රයන් ද නීල ආර්ථිකයට ඇතුළත් වේ.

ධීවර රැකියාවේ කාන්තාවගේ භූම්කාව

නීල ආර්ථිකය ලංකාව තුළ සංවර්ධනයේ මූලාරම්භය සිදු වූයේ 1950 දශකයේ අග භාගයේ දීයි. ඒ, නිල් විප්ලවය ලෙසින් හඳුන්වන, යාන්ත‍්‍රීකරණය කළ ධීවර යාත‍්‍රා සහ නව ධීවර ආම්පන්න ධීවර ක්ෂේත‍්‍රයට හඳුන්වා දීමත් සමඟයි. නිල් විප්ලවය සිදු වීමට පෙර යුගයේ ධීවර කටයුතු මූලික වශයෙන් සිදු කෙරුනේ වෙරළට ආසන්න මුහුදු ප‍්‍රදේශය තුළ මාදැල් එළීම හා වෙරළාශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශය තුළ දියත් කෙරුණු සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රා මඟිනි. එකල, රටෙහි මත්ස්‍ය අස්වැන්නෙන් 90% කට ආසන්න ප‍්‍රමාණයක් පැමිණියේ මා දැල් මඟින් වන අතර මසුන් ඇල්ලීම ප‍්‍රධාන වශයෙන් සිදු කෙරුනේ වෙරළේ සිට කි.මී. 3 ක් දක්වා වන වෙරළබඩ මුහුදු ප‍්‍රදේශය තුළයි. 1950 දශකය අග භාගයේදී නිල් විප්ලවයට මඟ පාදමින් සමස්ත ශ‍්‍රී ලාංකේය ධීවර ක්ෂේත‍්‍රයම විප්ලවීය වෙනසකට භාජනය වූයේ මූලික පියවරයන් ත‍්‍රිත්වයක් හේතුවෙනි. ඒ, යාන්ත‍්‍රීකරණය කළ ධීවර යාත‍්‍රා (ඇතුළත එන්ජිම සහිත අක් වෙරළ යාත‍්‍රා සහ පිටත එන්ජිම සහිත කුඩා ෆයිබර් ග්ලාස් බෝට්ටු) හඳුන්වා දීම, සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රාවල යාන්ත‍්‍රීකරණය සහ නව ධීවර ආම්පන්න හා ක‍්‍රමවේද (නයිලෝන් දැල්, මරු වැල්) හඳුන්වා දීම යනාදියයි.

 * ධීවර ක්ෂේත‍්‍රයේ නීල ආර්ථික වර්ධන ක‍්‍රියාවලිය

 නිල් විප්ලවයෙන් පසු ඇති වූ තාක්ෂණික වෙනස්කම් සමඟ ධීවර ප‍්‍රජාව මෙතෙක් ධීවර කටයුතුවල නිරත වූ නොගැඹුරු වෙරළාසන්න මුහුදු ප‍්‍රදේශයෙන් ඔබ්බට ගොස් ඈත මුහුදේ මත්ස්‍ය සම්පත් ගවේෂණය කිරීමට පටන් ගත්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය අස්වැන්න කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, ධීවර ආදායමද ඉහළ ගියේය. අක් වෙරළ  ගවේෂණය කළ හැකි ධීවර යාත‍්‍රාවක හිමිකරුවෙකු වීම සෑම ධීවරයෙකුගේම සිහිනය බවට පත් විය. මෙම ප‍්‍රවණතාව 1980 දශකය තෙක්ම පැවතිනි.

 නව තාක්ෂණය හඳුන්වා දීමත්, බහුදින ධීවර යාත‍්‍රාවල පරිණාමයත් සමඟ ධීවරයින් මුහුදේ ගත කරන කාලය වැඩි වූවා පමණක් නොව, සිය කර්මාන්තය ආශ‍්‍රිත කටයුතු වන දැල් අලූත්වැඩියාව, ආම්පන්න සැකසීම, යාත‍්‍රා අලූත්වැඩියාව, එංජින් අලූත්වැඩියාව, ධීවර ගමන් වාර සඳහා සැපයුම් මිලට ගැනීම ආදී කටයුතු සඳහා කාර්යබහුල වීමට ද සිදු විය. මේ සියල්ලේම අවසන් ප‍්‍රතිඵලය වූයේ ගෘහස්ථ සහ සමාජීය කටයුතු වල වගකීම සම්පූර්ණයෙන්ම කාන්තාවගේ උර මත පැටවීමයි. කෙසේ වුවත්, සිය ආදායම පෙරට වඩා කිහිප ගුණයකින් වැඩිවීම නිසාත්, වෙරළාශ‍්‍රිත මුහුදේ සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රා වලින් මසුන් අල්ලන සෙසු ධීවර පවුල් වලට සාපේක්ෂව, තමන් ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින නිසාත්, කාන්තාවන් මෙම අභියෝගය නොපැකිළව භාර ගෙන ඇති බව පෙනේ.

 මේ හේතුව නිසා බොහෝ ධීවර කාන්තාවන් කොහු ලණු ඇඹරීම, මාළු වියළීම, සකස් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, ඇඳුම් මැසීම හා විකිණීම ආදී අතිරේක ආදායමක් උපයා ගත හැකි ක‍්‍රියාකාරකම් වල නිරත වෙයි. එපමණක් නොව, නිවසේ සහ දරුවන්ගේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට විවිධ ණය යෝජනා ක‍්‍රම, සීට්ටු වැනි මූල්‍ය යාන්ත‍්‍රණයන් සඳහා යොමු වීමටද ඔවුන් පෙළඹ සිටී. අගහිඟකම් ඇති වූ අවස්ථාවල ධීවර ප‍්‍රජාවට සිදු වන්නේ තිබෙන දෙයක්, වේලක් හැර වේලක් කමින් හෝ සිය පටි තද කර ගැනීමටයි. ඇත්තෙන්ම, පවුලක පරිභෝජනය අඩු කරන අවස්ථාවන්හිදී, පවුලේ ගෘහ මූලිකයා මෙන්ම මුහුදු ගොස් ආදායම් උපයන්නා වන පුරුෂයාගේත්, දරුවන්ගේත් කුසට එය දැනෙන්නට නොදී එහි වගකීම උසුලා ගනිමින් අඟහිඟතාවල බර නිසඟයෙන්ම කර මත පටවා ගන්නේ ධීවර කාන්තාවයි.

 කෙසේ වෙතත් අප විසින් පෙර සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන ධීවර පවුල්වල කාන්තාවන් මුහුණ දෙන මූලික ගැටලූ දෙකක් පිළිබඳව අනාවරණය කෙරිණි. පළමුවැන්න, පියා වැඩි කාලයක් නිවසේ නොමැති විට මවට දරුවන්, විශේෂයෙන් පිරිමි දරුවන් පාලනය කර ගත නොහැකි වීමයි. දෙවැන්න, සමුද්‍රීය සීමා උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත් වන ධීවරයින් එම රටවල් තුළ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමයි. එවන් ආපදාවකදී ධීවර පවුල්වලට, විශේෂයෙන්ම මව්වරුන්ට හා බිරින්දෑවරුන්ට දරන්නට වන දුක් පීඩා සුළුපටු නොවේ. එවන් අවස්ථාවක ධීවර ප‍්‍රජාව තුළින්ම ලැබෙන මූල්‍යමය හා සමාජීය පිටුවහල හැරෙන්නට වෙනත් පිළිසරණක් ඔවුන්ට නොමැත.

 * මත්ස්‍ය සැකසුම් අංශය තුල  කාන්තා භූමිකාව

 කරවල, උම්බලකඩ හා ලූණු දැමූ මත්ස්‍ය නිෂ්පාදන සැකසීම ශ‍්‍රී ලාංකේය ධීවර කාන්තාවන්ගේ සාම්ප‍්‍රදායික ගෘහස්ථ ක‍්‍රියාකාරකමක් ලෙස සැලකිය හැකිය. කරවල, උම්බලකඩ සැකසීම හා වෙළඳාම වෙරළබඩ ගම්මානවල ධීවර කාන්තාවන්ගේ ප‍්‍රධානතම ආදායම් ඉපයීමේ මාර්ගය වේ. එය ධීවර පවුල් වලට අමතර ආදායම් මාර්ගයක් වන අතර දෛනික ධීවර ආදායමේ තාවකාලික උච්ඡුාවචනයන් සුමට කිරීමට මහත් පිටිවහලක් වේ. ඇත්ත වශයෙන්ම, කරවල හා උම්බලකඩ නිෂ්පාදනය බහුලව සිදු වන ධීවර ගම්මානවල කාන්තාවන්ට එය ජීවන රටාවක් බවට පත්ව ඇත්තේ ධීවර ප‍්‍රජාව තුළ ඊට ඇති ඉහළ සමාජ වටිනාකම පිළිබිඹු කරමිනි. ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කාන්තාවන් කරවල හා උම්බලකඩ නිෂ්පාදනයේ නියැලීමෙහි ඇති මූලිකම වාසිය, නිවසින් බැහැර යෑමක් සිදු නොවන නිසා එමඟින් නිවසේ හා දරුවන්ගේ වැඩකටයුතු අතපසු වීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව අවම වීමයි. කාන්තාවන් රැකියාවක නිරත වීම දකුණේ බෞද්ධ ධීවර ප‍්‍රජාවන් තුළ සුලබ සංසිද්ධියක් නොවූවද දිවයිනේ අනෙකුත් වෙරළබඩ ප‍්‍රදේශයන්හි කාන්තාවන් මත්ස්‍ය වෙළඳාම හා අනෙකුත් වෙරළාශ‍්‍රිත ධීවර ක‍්‍රියාකාරකම් සඳහා විශාල වශයෙන් දායක වේ. කාන්තාව සවිබල ගැන්වීම කෙරෙහි ගෝලීය අවධානය කොතෙක්ද යන්න, එය එක්සත් ජාතීන්ගේ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක යටතට ඇතුළත් වීමෙන්ද, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය යන තේමාව යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක යටතට ද ඇතුළත් වීම මඟින් ද තහවුරු වේ. ලෝක ආහාර සංවිධානය විසින් 2005 වර්ෂයේදී නිකුත් කරන ලද සුළු පරිමාණ ධීවර කර්මාන්තයේ සුරක්ෂිතතාව සඳහා වන ස්වෙච්ඡුා මාර්ගෝපදේශයන්හි ද ධීවර ක්ෂේත‍්‍රය තුළ, විශේෂයෙන්ම පසු අස්වනු උප අංශය තුල කාන්තාව පණ පොවන භූමිකාවේ වැදගත්කම මැනවින් ඉස්මතු කොට තිබේ. එහි 7.2 වගන්තියෙන්, පසු අස්වනු උප අංශය තුළ කාන්තාව ඉටු කරන කාර්යභාරය සියලූ පාර්ශවයන් විසින් හඳුනාගෙන ඔවුන්ගේ සහභාගීත්වය සුසාධ්‍ය කිරීමට පියවර ගත යුතු බවත්, කාන්තාවන්ට පසු අස්වනු උප අංශය තුළ තම ජීවනෝපායෙහි නියැලීමට අවශ්‍ය පහසුකම් සහ සේවා ලබා ගත හැකි බව රාජ්‍යයන් විසින් තහවුරු කළ යුතු බවත් කියැවෙයි.

 2018-2019 කාලය තුළ දිවයිනේ සියලූම වෙරළබඩ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වූ වැඩමුළු මාලාවේදී ධීවර කාන්තාවගේ යහපැවැත්ම තහවුරු කරමින්, ඔවුන් සක‍්‍රිය ලෙස නීල ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය තුළට දායක කර ගැනීම සඳහා යෝජනා රාශියක් ඉදිරිපත්විණි. ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයේම ආකල්පමය වෙනසක් ඉලක්ක කර ගනිමින් පවුලේ ආර්ථික සුබසාධනය උදෙසා කාන්තාවන් රැකියාවේ නියැලීමේ වැදගත්කම පෙන්වා දීම, මත්ස්‍ය සැකසුම් සඳහා නව්‍ය තාක්ෂණික ක‍්‍රමවේද හඳුන්වා දීම, එම තාක්ෂණයන් භාවිතා කිරීම සඳහා කාන්තාවන් පුහුණු කිරීම හා ශක්‍යතා වර්ධනය කිරීම, කාන්තා සංවිධාන දිරි ගැන්වීම, සිය නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට වෙළඳ පොළ සම්බන්ධතා ගොඩනැංවීම, ධීවර කාන්තා ව්‍යවසායකයන්ට හා ඔවුන්ගේ ව්‍යාපාරයන් සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම, ලිංග භේදය මත පදනම්ව පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ, ධීවර සමුපකාර වැනි ප‍්‍රජා මූල සංවිධාන තුළ ඉහළ කාන්තා නියෝජනයක් (අවම වශයෙන් 25% ක් පමණ) තහවුරු කිරීම යනාදී යෝජනා ඒ අතුරින් කැපී පෙනෙයි.

 පරිවර්තනය:  කෞමි පියසිරි

advertistmentadvertistment
advertistmentadvertistment