නඩාල් ටෙනිස් ලොවේ කිරුළු පළදියි

241

2022 ඔස්ටේ‍්‍රලියා විවෘත ටෙනිස් ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ඊයේ (31 දා) සමත් වූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් ජයග‍්‍රහණය කළ ක‍්‍රීඩකයා බවට පත්වූවේය.

 මෙම ජයග‍්‍රහණය රෆායල් නඩාල්ගේ 21 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය වූ අතර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20ක් ජයගෙන එම දස්කම අතින් පෙරේදා වන තෙක් සම මට්ටමේ සිටි නොවැක් ජොකොවික් සහ රොව් හොබරර් අබිබවා යාමට රෆායල් නඩාල් ඊයේ සමත් වූයේය.

 අවසන් මහ තරගයේදී රුසියාවේ ඩැනිල් මර්ඩෙව් තරග වට 3-2ක් ලෙස පරාජයට පත්කළ නඩාල් ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය මෙවර ජයගැනීම නඩාල්ගේ 2 වෙනි ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය වේ.


advertistmentadvertistment