නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නීතිඥ මධුර විතානගේ මහතාට අයත් කුඩා පෞද්ගලික බස් රථයක් ඔහුගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත්තේ යැයි චෝදනා කරමින් එම බස් රථයේ රියැදුරුට එරෙහිව පවරා තිබූ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට නිගමනය කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සැකකාර රියැදුරු හා බස් රථය මුදාහැරීමට ඊයේ (01දා) නියෝග කළේය.
ඕනෑම අපේක්ෂකයකුට ඔහුට හෝ ඇයට අයත් පෞද්ගලික වාහනයක් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපමාන, නිවේදන හා රෙගුලාසි හෝ පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් නොවන්නේ යැයි පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සිය සේවාදායකයාගේ රියැදුරු ලෙස කටයුතු කරන එම සැකකරුට එම බස් රථයම මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත්තේ යැයි චෝදනා කරමින් සතියක් ඇතුළත දෙවන වරටත් නඩු පැවරීම දේශපාලන පළිගැනීමක් ලෙස තමන් දකින්නේ යැයි නීතිඥ ගුණරත්න වන්නියක, සංජීව ඇන්තනි, කැළුම් උබේසේකර, රජිත කොඩිතුවක්කු, තුසිත ගුණසේකර, ලලිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා අධිකරණයට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක