නඩු භාණ්ඩ වශයෙන් තිබූ ලක්ෂ ගණනක රන් භාණ්ඩ රැගෙන පළාගිය මිරිහාන එස්අයි අත්අඩංගුවට

94

නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් ලක්ෂ ගණනක රන් භාණ්ඩ පැමිණිලිකරුවන්ට ආපසු ලබා නොදී එම රන් තොගය රැගෙන පලාගිය මිරිහාන උප පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රන් අභරණ තොගය ආපසු පැමිණිලි පාර්ශ්වය වෙත භාර දෙන ලෙස සති කිහිපයකට උඩදී අධිකරණය මගින් මිරිහාන පොලිසියට දැනුම් දී තිබුණි.

උසාවියේ දැනුම් දීම අනුව පැමිණිලිකරුවන් මිරිහාන පොලිසියට පැමිණි මොහොතේ මෙම රත්තරන් තොගය සමඟ උප පොලිස් පරීක්‍ෂකවරයා පලාගොස් තිබුණි. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා අක්මීමන ප්‍රදේශයේ ඔහුගේ හිතවතකුගේ නිවසේ සැඟවී සිටියදී මිරිහාන පොලිස් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට ලැබුණු තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මෙම වංචාව කළ බවට පොලිසියේ ඉහළ නිලධාරීන්ට ලැබුණු සැකය මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යද්දී ඔහු මෙසේ රැකියාවෙන් පලාගොස් තිබුණි.

මොහුට පිටරට පැනයෑම වැළක්වීම සඳහා පොලිසිය මීට කලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment