නත්තල් දා අනතුරුවලින් 233 ක් රෝහලේ: දරුවෝ 32 ක් ළමා රෝහලේ

90

නත්තල උදාවීමත් සමග විවිධ අනතුරුවලට ලක්වූවන් 233 දෙනකු කොළඹ ජාතික හා කළුබෝවිල යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

එසේම, මෙම කාලය තුළ අනතුරුවලට ලක්වූ දරුවන් 32 දෙනෙකු ද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

මෙම කාලය තුළ විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 213 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර සඳහා පැමිණ ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂ වෛi ඩබ්. කේ. වික්‍රමසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය.

එයින් 114 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද හෙතෙම කීය.

මෙලෙස රෝහල් ගත කළ අය අතර රිය අනතුරුවලට ලක්වූවන් 48 දෙනෙකු ද වැටලීම්වලින් 85 දෙනකුද, නිවසේ සිදුවූ අනතුරුවලට ලක්වූවන් 6 දෙනෙකු ද සිටින බව හෙතෙම කීය.

එසේම නත්තල උදාවීමත් සමඟ විවිධ අනතුරුවලට ලක්වූවන් 20 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ සාගරි කිරිවන්දෙනිය මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය. රිය අනතුරුවලට ලක්වූවන්, නිවසේදී සිදුවූ අනතුරුවලට ලක්වූවන් මේ අය අතර සිටින බවද ඇය කියා සිටියාය.

අනතුරුවලට ලක්ව ළමා රෝහලට ඇතුළත් කර ඇති දරුවන් නිවසේදී වැටීමෙන් සහ සුනඛයින් සපා කෑමෙන් තුවාල ලබා ඇති බව එම රෝහල් අධ්‍යක්‍ෂ ජී. විජේසේකර මහතා ‘දිවයින’ ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment