නත්තල් දා වතිකානු අසිරිය

191

බැසිලිකාවේ කවුරුත් නොදත් කතාව

හනුක්කා පහන දැල්වීම

පෙරහැරෙන් පසු අල්තාරය මත තැන්පත් කිරිමේ චාරිත‍්‍රය

ලෝක සත්ත්වයා දුකින් මුදා සසරින් එතරකරන්නට බෙත්ලෙහෙමේදී සිදුවූ ජේසු බිලිඳුන්ගේ උප්පත්තිය අපව පාපයෙන් ගලවා
ගැනීම සඳහා මානව ඉතිහාසයට එක්වූ දෙවියන් වහන්සේගේ ප‍්‍රවේශය උතුම් වූ නත්තල බව කිතනු බැතිමතුන්ගේ නිර්වචනයයි. ලෝකවාසී කිකුනුවන්ගේ ශුද්ධවන්ත දිනය ලෙස නත්තල සමරන්නේ මානව දයාවෙන් පිරි මිනිස් සිත් සතන් සාමයේ අරුණැල්ලෙන් පුබුදුවා ලෝක සත්ත්වයාගේ හදවත් සතුටින් පුරවාලීමටයි.

කෝටි 60ක ජනගහනයකට හිමිකම් කියමින් යුරෝපා මහාද්වීපයේ අතිසුන්දර පරිසරයක් තුළ පිහිටි ලෝකවාසී කිතුනු බැතිමතුන්ගේ තිඹිරිගෙය වන්නේ රෝමයේ පිහිටි වතිකානුවයි. ලෝකය පුරා විසිරී ඇති බැසිලිකා දේවස්ථානය 1580ක් වන අතර එයින් කතෝලික බැතිමතුන්ගේ ජීවමාන පුදසුන වන්නේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවයි.

නත්තල් දා වතිකානු අසිරිය

නත්තල් දින සාම්ප‍්‍රදායික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් දේව මෙහෙයන් ආරම්භවන්නේ ද මේ බැසිලිකාවේ සිටයි. නත්තල් අසිරිය උදාවන මධ්‍යම රාත‍්‍රියේ අති උතුම් ශුද්ධෝත්තම පියාණන් වහන්සේ, දිව්‍ය පූජාමය යාගය සිදුකරන අතර සාම්පදායිකව පවත්වන පූජාවන් අතර මැදියම් රැයේ දිව්‍ය පූජාව, අලූයම දිව්‍ය පූජාව සහ නත්තල් උදාවත් සමඟම පවත්වනු ලබන දේව වචනයේ දිව්‍ය පූජාව, 7 වැනි සියවසේ පටන් සාම්ප‍්‍රදායිකව අනුගතව ඇත. ශුද්ධවූ හෙලේනා නම් මුනිවරිය බෙත්ලෙහෙමෙන් රැගෙන ආ බව කියන ගව ඔරුවේ කොටසක් වතිකානුවේ සුවිශේෂී ස්ථානයක් වූ මේරිමේජ් බැසිලිකාව තුළ ඇති කුඩා යැදුම් කුටිය තුළ තැන්පත් කිරීමේ සුවිශේෂ බව පසුබිම් කරගනිමින් මධ්‍යම රාත‍්‍රියේ දිව්‍ය පූජාව සඳහා මෙම බැසිලිකාව සූදානම් වන්නේ අතිමනස්කාන්තයක් නත්තලට එක්කරමිනි.

ලිබේරියන් ශුද්ධෝත්තම පියතුමාට සහ රෝමයේ ජෝන් නම් ප‍්‍රභූවරයකුට ක‍්‍රී.ව. 352 දී පමණ මරියතුමිය දර්ශනය වී වදාළ කරුණක් අරභයා එතුමිය සලකුණු කරන ස්ථානයෙහි දෙව්මැඳුරක් ඉදිකරන ලෙස කළ ඉල්ලීම මත අසාමන්‍ය හැඩයකින් හෙබි මෙම බැසිකාව ගව ඔරුවක් සඳහා වැඩ කටයුතු නිම කරන ලද්දේ ක‍්‍රී. ව. 440 දී පමණ තෙවැනි පීස්සවර් ශුද්ධෝත්තම පියාණන්ගේ කාල පරිච්ෙඡ්දයේය. රාත‍්‍රි 12 හෝරාවේ දිව්‍ය පූජාව හංගේරියාවේ එළිසබෙත් මුනිවරියගේ මැදිහත් වීමෙන් ආරම්භවනුයේ 13 වැනි සියවසේදීය. සම්ප‍්‍රදානුකූල නත්තල් දින උදෑසන ගව ඔරුවට කෙරෙන ගෞරවයක් ලෙස පෙරහැරක්ද පවත්වා මහජන ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රධාන අල්තාරය මත තැන්පත් කිරීම ද බැසිලිකාව තුළදී දැකිය හැක.

නත්තල් දා වතිකානු අසිරිය

වර්තමානයේ යුරෝපයේ කිතනු බැතිමතුන් සිදුකරනු ලබන චාරිත‍්‍රයක් අතර ක‍්‍රිස්තුන් වහන්සේගේ ආලෝකයෙන් ලොව පහන් වන සංකේතය ලෙස ‘‘හනුක්කා’’ පහන දැල්වීම මගින් නත්තල් අසිරියට එකතුවන්නේ තවත් ශාන්ත බවකි. ජූදා ජාතිකයන්ගේ ආලෝකයේ උතුම් මංගල්‍යය ලෙස පුරා දින හතක් පවත්වන මෙය හඳුන්වන්නේ ආලෝකයේ මංගල්‍යය ලෙසයි. රෝමයේ St peter’s බැසිලිකාව ඉදිරිපිට දැවැන්ත ගවලෙනක් සහ ඉතාලියේ ඉදිවන විශාලතම නත්තල් ගස නිර්මාණය වීමත් කැරොල් ගීත සහා බැති ගීයෙන් හැඩවෙන වතිකානුවට ලෝකවාසී අතිවිශාල ජනතාවක් ප‍්‍රවිෂ්ටවීමෙන් නත්තල් අසිරියට එකතුවන්නේ අති සුන්දරත්වයකි.

ශුද්ධෝත්තම පාප්වහන්ස් ලෝකවාසී ජනතාව උදෙසා විවිධ භාෂාවලින් සුබ පැතුම් පණිවිඩ කියවා අපොස්තුළුවරුන් සමග වතිකානුවේ බැසිලිකාවට රොක්වන ජනයා සමඟ නත්තලේ සතුට සහ සාමය බෙදා හදාගන්නේද හදවත් තුළට බැතිබර ශාන්ත බවක් එක්කරමිනි.

උතුම් වූ නත්තල් අසිරියෙන් රෝමය බබළවමින් වතිකානුවෙන් ලොවට මුදාහරින්නේ පාපයෙන් ලෝක සත්ත්වයා මුදා සසරින් එතර කරන්නට බෙත්ලෙහෙමින් ජනිත වූ අති උතුම් ශුද්ධෝත්තම ක‍්‍රිස්තුන් වහන්සේගේ සාමයේ පණිවිඩයයි.

ලලිත් හෙට්ටිආරච්චි ඉතාලිය

advertistmentadvertistment
advertistmentadvertistment