නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට නවක සිසුන් බඳවා ගැනේ

99

හතළිස් වසරකට අධික කාලයක් දැයේ දූ දරුවන්ට සංගීත ඥානය ලබාදුන් නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ නව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදුකෙරේ. සංගීත ආශ්‍රමයේ දී සංගීත විෂය සඳහා වූ පාසල් නිර්දේශ පත්‍රයට අදාළව සහ භාත්ඛණ්ඩේ සංගීත විiා පීඨයෙහි ප්‍රවේශික, ප්‍රථමා, ඩිප්ලෝමා, විශාරද, පාඨමාලාවට අදාළව පන්ති පැවැත්වෙන අතර සංගීත ඥානය සහ රසාස්වාදය අරමුණ කරගත් පාඨමාලා ද පැවැත්වේ. සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී ඇතුළු ප්‍රවීණ ආචාර්යවරුන් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලැබේ.

නව අධ්‍යයන වාරය ජනවාරි 06දා ආරම්භ වන අතර ඒ සඳහා වූ අයදුම් පත්‍ර අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ යන ලිපිනයෙන් ලබාගත හැකිවේ. නැතහොත් 076-8299891 දුරකථන අංකය ඇමතීමෙන් විස්තර ලබාගත හැක.


advertistmentadvertistment