නයාරූ මුහුදේ නාන්න ගිය තිදෙනාගෙන් දෙදෙනකු අතුරුදන්

152

මුලතිව් නායාරූ මුහුදේ දී පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර ඉන් එක් අයකු නාවික හමුදාව හා පළාතේ ධීවරයන් විසින් 28 දා බේරා ගෙන තිබේ.

පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝදයට මුහුදේ දිය නාමින් සිටිය දී ඉන් දෙදෙනකු සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් තිබේ.

ඉතිරි තුන් දෙනා කෑ කෝ ගසා ඒ බව අවට සිටි පිරිසට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව හා ධීවරයන් සිය යාත්‍රා යොදා ගෙන මුහුදේ ගිලී අතුරුදහන් වූ දෙදෙනාගෙන් එක් අයකුගේ දිවිබේරා ගෙන ඇත.

දිවිබේරුණු පුද්ගලයා ද මුහුදෙන් ගොඩට ගන්නාවිට සිහිසුන්ව සිටි නිසා ඔහුව නාවික හමුදා යාත්‍රාවක ආධාරයෙන් ත්‍රිකුණාමලයට රැගෙන ගොස් රෝහල් ගත කොට තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම පිණිස නාවික හමුදාව නායාරූ ධීවරයන්ගේ ද සහාය ඇතිව මෙහෙයුමක් දියත් කොට තිබේ. මෙසේ අතුරුදහන් වී අත්තේ යාපනය කොඩිගාමම් ප්‍රදේශයේ 40 හැවිරිදි අයෙකි.

නායාරූ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment