නලීන් ද සිල්වා AAT Sri Lanka ආයතනයේ නව සභාපති ධුරයට පත්වේ

190

ශ‍්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ (AAT Sri Lanka) 12 වන සභාපති ලෙස නලින් ධම්මික ද සිල්වා මහතා පසුගියදා පත්වුණි. මෙහි නිල වැඩසටහන පසුගිය මාර්තු 23 වැනි දින AAT ආයතන ශ‍්‍රවණාගාරයේදී පැවති අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහභාගි වූ අතර ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති සංජය බණ්ඩාර මහතා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගි වුණි. මීට අමතරව AAT ආයතනයේ හිටපු සභාපති රසල් ෆොන්සේකා මහතා, ප‍්‍රධාන විධායක නිලධාරී ටිශාංග කුමාරසිංහ මහතා, AAT පාලක සභාවේ සාමාජිකයන් රැසක් සහ සම්භාවනීය ආරාධිතයන් සහභාගි වුණි.

උපායමාර්ගික සැලසුම්කරණය, මූල්‍ය පරිපාලනය, පද්ධති සංවර්ධනය, භාණ්ඩාගාර කළමනාකරණය සහ ව්‍යාපෘති පරිපාලනය පිළිබඳ මනා හැකියාවක් සහ වසර 23 කට අධික පළපුරුද්දක් ඇති නලීන් මහතා ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රමුඛ පෙළේ සමාගම් රැසක සේවය කළ පන්නරය ලබා ඇත්තෙකි. වසර 34 කට ආසන්න නොසැලෙන සිසු විශ්වාසයෙන් සහ අඛණ්ඩ වර්ධනයක් සහිත AAT Sri Lanka ආයතනය ලංකේය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සන්නාමය තැබූ ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකි. ඉදිරි වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම මට්ටමේ වෘත්තීය ගණකාධිකරණ ශිල්පීන් තව තවත් දැයට දායාද කරමින් ලංකේය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ AAT සන්නාමය දිදුලවන්නට අභිනවයෙන් පත්වූ AAT ආයතනයේ 12 වන සභාපති නලීන් ධම්මික ද සිල්වා මහතා හට හැකිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment