ඔබ මේ ගෙවන්නේ කුජ මහ දශාව නම්, ඔබට කුජ මහ දශාවත් සමග ඒරාෂ්ටක තත්ත්වයකුත් ඇත්නම් ඔබ කළ යුත්තේ බෝධි පූජාවක් පැවැත්වීමයි. එනම් එය අඟහරුවාදා දිනක උදේ වරුව හෝ සවස තෝරාගත හැකි අතර එක දිගට දින 7ක් හෝ දින 14ක් පවත්වන්න. මෙම බෝධි පූජාව තබන විට ඔබේ වයසට රතු මල් වර්ග ද ගත හැකි අතර වයසට පහන් ද දැල්විය හැක. නිර්මාංශ වීම ඉතාම වැදගත් වෙයි. බෝධි පූජාවට රතු කිරිබත්, රතු වර්ණ ගැන්වූ දේ මෙම අපලය සඳහා දන් දිය හැකි දේ වන්නෙ මේ ආකාරයෙන්ය. ඔබට හැකි නම් වියළි ආහාර සැකසිය හැක. එනම් රතු වර්ණ සහිත එලවළු, රතු හාල්, රතු මිරිස් කෙසේ හෝ රතු වර්ණ සහිත ධාන්‍ය වර්ග ද ඇතුළත් කළ හැක. එමෙන්ම වැදගත්ම දේ ලේ දන්දීම සිදු කරන්න.
නවග්‍රහයන්ට හිමි යන්ත්‍ර වෙන වෙනම සඳහන් වෙයි. මෙම යන්ත්‍ර බුදුගුණයෙන් ද, යාග කර ද පලඳිනු ලැබේ. මෙම පිළියම් ආතුරයාගේ ශුභ මොහොතක්ම බලා කළ යුතු වෙයි.
- රවි ග්‍රහයාට
රවිගේ අපල කාලයක් යන විට දී ඒ වෙනුවෙන් කළ හැකි පිළියම් රවි දින නොහොත් ඉරිදා දිනක නිර්මාංශ වී නැගෙනහිර දිශාව බලා බෝධි පූජා පැවැත්වීම ශුභ වෙයි. ඒ වගේම ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට රතු නෙළුම් පූජා කිරීම ද, කතෝලික ආගමිකයන් කොච්චිකඩේ පල්ලියට භාරවීම, ශාන්ත අන්තෝනි මුනිඳුන්ට යෝග්‍ය වෙයි. එමෙන් ම දන්දීමක් ද සිදු කරන්නට හැකි නම් තිරිඟු පිටි වලින් සාදන ලද කෑම, කිරි ආහාර, දන්දිය හැක. මෙම දානය මහත් ඵල ලැබෙන්නෙ ඇස් අන්ධ අයට, මානසික රෝහල්වල ඉන්න අයට දන් දීමෙනුයි. හැකි නම් ඇඳුම් පැලඳුම්, ඖෂධ වර්ග, සිංහල බෙහෙත් බඩු ආදියත් යෝග්‍ය වෙයි. ඔබට හැකි නම් මෙවැනි අයව නාවා පිරිසිදු කිරීම ද ශුභයි. එනම් කොකුම්, වැල්මී, එනසාල්, මනෝශීල, පලොල්, ලොත් සුබුළු, විලඳ කොට්ටන්, බැබිල, කලාඳුර අල, දේවදාර, කටුපිල ගෙන තම්බා නෑම ශුභ වෙයි. අපල දුරු වෙයි.
මීට අමතරව පැලඳිය හැකි මැණික් වර්ග නම්
පත්ම රාග මැණික් ගලක් නම් රිදී හෝ තඹ මුදුවක අල්ලා වෙදඟිල්ලේ පැලඳිය යුතුයි. යන්ත්‍රයක් නම් ශිව ශිලම්බරි යන්ත්‍රය හෝ නවගුණ යන්ත්‍රය 7000 වරක් හෝ 700 මැතිරිය යුතුයි. මෙසේ ජප කරන ලද යන්ත්‍ර ශුභ හෝරාවකින් පැලඳිය යුතුයි. මීට අමතරව සූර්ය මණ්ඩලය, තඹ සුරයක 108 වරක් ජපකර පැලඳිය හැක.
මෙම අපලය තද බලව යන්නෙ නම් හෝ 22 දෙර්කාණධිපති රවි නම් හෝ විෂ්ණු කතරගම දෙවියන්ට සෙත් කවි කිය විය හැක. තල තෙල්, ගිතෙල් පහන් නැගෙනහිර දිශාවේ දල්වන්න. නාඩි සිද්ධාන්තවලට අනුව මෙම අපලය දුරු කර ගැනීමට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතිය හැක. එය දන්දීමෙන්, ඇඳුම් කෑම බීම දන් දීමෙන් දුරුකර ගත හැක.
- සඳුගේ අපල සඳහා
ඔබට ඇත්තේ සඳුගේ අපලයක් බව පැවසුවේ නම් ඔබ කළ යුත්තේ මෙවැනි ශාන්ති කර්මයකි. එනම් සඳුදා දිනයක් තෝරාගෙන නොකඩවා දින 21ක් හෝ 14ක් බෝධි පූජා තැබීමයි. මෙය වයඹ දිශාව බලාගෙන උදේ 6ත් සවස 6ත් අතර තබන්නෙ නම් මැනවි. මනාව පිරිසිදු වී සුදු ඇඳුමක් ඇඳ මෙය සිදු කරන්න. මෙම බෝධි පූජාව උදේ වරුවේ සිදු කරන්නේ නම් සුදු මල්, පිච්ච වගේම කිරි ආහාර පූජා කළ හැක. කතෝලික අයෙක් නම් දේවමැණියන්ට ඔප්පු කළ හැක. සවස 6.00න් පටන්ගන්නේ නම් රාත්‍රියේ පිපෙන මල් තෝරාගත හැක. මීට අමතරව සඳු අපලයෙන් පීඩාවිඳින අයට සහ ජන්ම ඒරාෂ්ටක හෝ 22වන දෙර්කාණාධිපති සඳු වූ අයට විශේෂයෙන් අපල දායක නිසා එවැනි අය විශේෂයෙන්ම තමන්ට පුළුවන් ආකාරයට දන් දිය යුතුයි. විශේෂයෙන් වියළි ආහාර මල්ලක් එයට කැකුළු හාල්, කිරිපිටි, සුදු රෙදි, කිරිබත්, අලුවා වැනි දේ ඇතුල් කළ හැකි අතර නාඩි සිද්ධාන්තවලට අනුව කිරි අම්මාවරුන්ට දන් දීම ද ශුභ වෙයි. මෙම දානය සිල්ගන්නා අම්මාවරුන් ්ද, ගැබිනි මාතාවන්ට ද යෝග්‍ය වෙයි. මීට අමතරව පලතුරු ගතහොත් දිවුල්, අඹ, පේර ද දන්දිය හැක. මීට අමතර කිරි එළදෙනෙකු ද නිදහස් කළ හැක.
මේ සඳහා පැලඳිය යුතු මැණික් වර්ග නම් මුතු, චන්ද්‍රකාන්ති රිදී මුද්දකට සුළඟිල්ලේ පැලඳිය යුතුයි. මෙය ජීවම් කළ යුතුයි. ඒ වගේම නවනාත යන්ත්‍ර, නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය, සිරිපාරිය යන්ත්‍රය, දහස් වරක් ජීවම් කර පැලඳිය යුතුයි. ඔබ දන්නා කෙනෙකුට මෙම අපලය ඇත්නම් ලොක් සුබුළු, විලඳ, කොට්ටන්, බැබිල, කලාඳුරු, අබ, දේවදාර කසා කටුපිල ගෙන තම්බා නාන්නට සලස්වන්න. මීට අමතරව කතරගම, විෂ්ණු, පත්තිණි දෙවියන්ට සෙත් කවි කියවන්න. සියලුම දෝෂ මඟහැරී යයි.
- කුජගේ අපල සඳහා
ඔබ මේ ගෙවන්නේ කුජ මහ දශාව නම්, ඔබට කුජ මහ දශාවත් සමග ඒරාෂ්ටක තත්ත්වයකුත් ඇත්නම් ඔබ කළ යුත්තේ බෝධි පූජාවක් පැවැත්වීමයි. එනම් එය අඟහරුවාදා දිනක උදේ වරුව හෝ සවස තෝරාගත හැකි අතර එක දිගට දින 7ක් හෝ දින 14ක් පවත්වන්න. මෙම බෝධි පූජාව තබන විට ඔබේ වයසට රතු මල් වර්ග ද ගත හැකි අතර වයසට පහන් ද දැල්විය හැක. නිර්මාංශ වීම ඉතාම වැදගත් වෙයි. බෝධි පූජාවට රතු කිරිබත්, රතු වර්ණ ගැන්වූ දේ මෙම අපලය සඳහා දන් දිය හැකි දේ වන්නෙ මේ ආකාරයෙන්ය. ඔබට හැකි නම් වියළි ආහාර සැකසිය හැක. එනම් රතු වර්ණ සහිත එලවළු, රතු හාල්, රතු මිරිස් කෙසේ හෝ රතු වර්ණ සහිත ධාන්‍ය වර්ග ද ඇතුළත් කළ හැක. එමෙන්ම වැදගත්ම දේ ලේ දන්දීම සිදු කරන්න. අසරණ රෝගීන්ට සරණ වෙන්න, රතු වස්ත්‍ර දන් දෙන්න. අපලය තදබල නම් මරණයට කැපවූ එදින මරන්නට නියමිත රතු පාට ගවයෙකු නිදහස් කරන්න.
මේ සඳහා පැලඳිය යුතු මැණික් වන්නෙ, රතු කැට හෝ කෝරල්, රිදී මුදුවකට හෝ පැලඳීමට හැකිය. මුදුවක් නම් වෙඳඟිල්ලේ පලඳින්න. ඒ වගේම යන්ත්‍රයක් නම් මෘත්‍යුංජය යන්ත්‍රය, අභිසම්භිධාන යන්ත්‍රය, මහා අඝෝර යන්ත්‍රය, තඹ සුරයකට 1000 වරක් මැතිරිය යුතුයි. මීට අමතරව ධ්‍රැව ප්‍රස්ථාර කොට සකොත් නවනාථය යාග කොට බැඳ ගැනීම යහපති. තවද මාර්ග රාජනිය කන්ද කුමාර යන්ත්‍රය ද කුජ නොහොත් අඟහරු අපලයට යෝග්‍ය වෙයි.
මෙම අපලය ඇති අය කොහොඹ කොළ, ඉරිවේරිය, නාමල් රේණු, බෙලි කොළ, සුදු හඳුන් කුඩු, බැබිල, රත්මල්, ජටාමාංශ ගෙන තම්බා නාන්න. මෙයට දේවදාර, විලඳ කොට්ටම් ද ගත හැක. මීට අමතරව විෂ්ණු කතරගම දෙවියන්ට සෙත් කවි 02ක් කියවන්න. නිතර නිතර අභිසම්භිදානේ පිරිත කියවන්න, අහන්න. තැඹිලි තෙල්වලින් පහන් දල්වන්න. අඟහරුගේ අපලයට කොලොන් ශාකයක් සිටුවන්න. සියලු අපල දුරු වී යයි. විශේෂයෙන් ම ලේ දන්දීම් සිදු කරන්න, දන් දෙන්න.
- බුධගේ අපලය සඳහා
ඔබට ගෙවෙන්නෙ බුධ මහ දශාව නම් හෝ බුධගේ අපලයක් නම් ඔබ කළ යුත්තේ මුලින්ම බෝධි පූජාවක් පටන් ගැනීමයි. එය බදාදා දිනෙක විය යුතුයි. උදේ වරුවේ පටන් ගැනීම හෝ සවස පටන් ගැනීම අවුලක් නැත. ඔබට පහසු ආකාරයකට උතුරු දිශාවට මුහුණලා නිර්මාංශ වී, පිරිසිදු සිතින් නිල් මානෙල්, නාමල් හෝ නිල් හෝ කහපාට මල් ද පූජා කළ හැක. විශේෂයෙන් බාලෝලියා මල් ද ගත හැක. පහන් දැල්වීමේදී කොහොඹ තෙල්, අබතෙල්, එළඟිතෙල් පහන් 7ක් හෝ 14, 21ක් දැල්විය හැක.
ඒ වගේම විෂ්ණු, කතරගම දෙවියන්ට සෙත් කවි කියවීම ද කළ හැක. විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලයට පිං දීම සිදු කළ හැක. මීට අමතරව දන්දීමේදී කතෝලික ඔබ කන්‍යා සොයුරියන්ට, විවාහය ප්‍රමාද වූ අය කන්‍යාවන්ටද, මන්ද බුද්ධික ළමයින්ට, දුප්පත් ළමයින්ට ඥානය පෑදීමට හෝ පොත්පත් දන්දීමට උදව් උපකාර කළ හැක. කොළපාට ඇඳුම් කොළපාට සෙල්ලම් බඩු දන්දිය හැක.
මෙම අපලය සඳහා මැණික් වර්ග පලඳින්නෙ නම් පච්ච වර්ණ ගලක් සුළඟිල්ලේ පලඳින්නට සලස්වන්න. මැණික් දන්දීම ද කළ හැක. මීට අමතරව මෙම අපලය ඇති අය මෙම ද්‍රව්‍ය ගෙන නා පිරිසිදු විය හැක. එනම් ගෝරෝචන, මී පැණි, තුකුරුඹුවන්, මුක්තාපල, කලාඳුරු අල, එළ අබ, දේවදාර, කටුපිල, බැබිල, ලොත් සුබුලු තම්බා නෑමෙන් අපල දුරුවෙයි.
මේ සඳහා පැලඳිය හැකි යන්ත්‍ර වන්නෙ
දිව්‍ය රාජ යන්ත්‍රය, මාතාංගෙශ්වරි යන්ත්‍රය හෝ නවනාථය විෂ්ණු මණ්ඩලය, විජය කෝත්‍රය යන යන්ත්‍ර පැලඳිය හැක. සුළු අපල සඳහා රතන යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය පැලඳිය හැක. තවද මෙම රිදී හෝ රත්‍රන් ආලේපිත තඹ පත්තිරුවක සබ්බ පාපස්ස අකරණං යන ගාථාව ලියා 800 වරක් ජීවම් කර ළඟ තබා ගත හැක. මෙයින් මහත් ඵල ලැබේ. සියලු දෝෂ නිවාරණයි.
ලබන සතියට
මුළු දිවයිනටම සාම විනිසුරු
ඉවෝන් දිසානායක
ඉටුමිණ ජ්‍යො. කාර්යාලය
0715723434