සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලූ 8කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (13 වැනිද) සමත් විය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ජය වාර්තා කිරීමට නවසීලන්තයට හැකියාව ලැබිණි.
නවසීලන්තය අවසන් වරට 1999දී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත්වී සිටියේය. එ් අනුව අදාළ තරගාවලි ජයත් සමගින් වසර 22කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.
දෙවැනි ඉනිමේදී ජයග‍්‍රහණය සඳහා හිමි වූ ලකුණු 38ක පහසු ඉලක්කය කඩුලූ 2ක් පමණක් දැවී පසුකර යෑමට නවසීලන්තය ඊයේ සමත්විය. එහිදී නයක ටොම් ලෙතම් නොදැවී ලකුණු 23ක් ලබා ගැනීමට සමත් විය.
අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 303ක් ලබා ගැනීමට සමත්විය. එහිදී රෝරි බර්න්ස් ලකුණු 81ක් සහ ඩැන් ලෝරන්ස් නොදැවී ලකුණු 81ක් ලබා ගැනීමට සමත්විය.
නවසීලන්තය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 388ක් ලබා ගැනීමට සමත්විය. එ් අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 85ක් පිටුපසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 122කට සීමා විය.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
|