තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ පළමු තරගය මෙම මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි – 20 තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායමේ නවක ක්‍රීඩකයකු ඇතුළත් කර ඇත. ඔහු නමින් බෙවන් ජෙකොබ්ස්ය.
පසුගියදා පැවැති ෂඡඛ වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජෙකොබ්ස්ව ඉන්දීය රුපියල් ලක්ෂ 30කට මිලදී ගනු ලැබීය. 22 හැවිරිදි වියේ පසුවන ඔහු දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇති අතර දකුණත් ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නම් දරා තිබේ.
2002 වසරේ උපත ලබා ඇති ජෙකොබ්ස් අවුරුදු 3දී මව්පියන් සමග නවසීලන්තයට පැමිණ තිබේ.
සුපර් ස්මැෂ් තරගාවලියේදී කැන්ටබරි කිංග්ස් කණ්ඩායම නියෝජන කළ ඔහු තරග 6කදී පන්දු 71ක් තුළදී ලකුණු 134ක් රැස් කිරීමට සමත් වී තිබේ. ජෙකොබ්ස් තරගාවලියේදී හයේ පහරවල් 9ක් සහ හතරේ පහරවල් 12ක් ලබාගනිමින් ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 188.73ක් ලෙස පවත්වාගෙන ගියේය. ඊට අමතරව ඔස්ටේ්‍රලියාවේ ඔ20 මැක්ස් තරගාවලියේදී බෙවන් සවුත් බි්‍රස්බ්‍රේන් කණ්ඩායම නියෝජනය කරමින් ටොම්බුල් කණ්ඩායම සමග තරගයේදී පන්දු 40කදී ශතකයක් ද රැස්කරගෙන ඇත.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පුහුණු තරගයේදී බෙවන් ජෙකොබ්ස් පන්දු 16කදී වේගවත් ලකුණු 39ක් ලබාගත්තේය.
සුසිල් ජයකොඩි