නවසීලන්තයේ ඩෙල්ටා ආසාදිත ගණන පහළට

130

ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම හේතුවෙන් දැඩි සීමාවන් සහිතව අගුලූ දමා ඇති නවසීලන්තයෙන් වාර්තා වන ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ශීඝ‍්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව වාර්තා වේ. ඊයේ (09දා) දිනයේ ආසාදිතයන් 13 දෙනෙකු නවසීලන්තයෙන් වාර්තා වී තිබූ අතර එය එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21ට වඩා අඩු වූ 06 වැනි දිනය ලෙස සැලකේ.

 නවසීලන්තෙන් මේ වන විට වාර්තා වී ඇති මුළු ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 868 ක් වන අතර අලූතින් වාර්තා වන ආසාදිතයන් සියල්ල පළමු ආසාදිතයා වාර්තා වූ ඕක්ලන්ඞ් නගරයෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊයේ දිනය වන විට එරටින් වාර්තා වූ ආසාදිතයන්ගෙන් 264 දෙනෙකු සුව වී රෝහල්වලින් නික්ම ගොස් තිබූ අතර තවත් 31 දෙනෙකු රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටියහ. රෝහල්ගත පිරිසෙන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

 ඕක්ලන්ඞ් නගරයේ අගුලූ දැමීම ලබන සතිය තෙක් පවතිනු ඇති බව නවසීලන්තයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ඈෂ්ලි බ්ලූෆීල්ඞ් පවසයි .මේ අතර නවසීලන්තයේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා තවත් ෆයිසර් එන්නත් දෙලක්ෂ පනස්දහසක තොගයක් ඊයේ වන විට ගෙන්වූ බව අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment