හරි නම දන්නේ නෑ කියන්නේ ‘එස්’ කියලා
නවසීලන්තයේ ඔක්ලන්ඞ්හි සුපිරි වෙළෙඳ සංකීර්ණයක පුද්ගලයින් හයදෙනකුට පිහියෙන් ඇන මාරාන්තික තුවාල සිදු කළ ශී‍්‍ර ලාංකික අයිසිස් සාමාජිකයා නවසීලන්ත පොලිසිය විසින් ඊයේ වෙඩි තබා ඝාතනය කර ඇත.
32 හැවිරිදි මේ ශී‍්‍ර ලාංකිකයාගේ නම හෙළි කර නැති අතර ඔහු ‘එස්’ නමින් එරට ආරක්ෂක අංශ නම් කර තිබේ. 2011 දී නවසීලන්තයට ගොස් ඇති මොහු 2016 පටන් එරට බලධාරීන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ සිටි පුද්ගලයෙකි. මොහු කවර හෝ මොහොතක යම් අන්තවාදී ප‍්‍රහාරයක් එල්ල කළ හැකි නිසා පැය 24 පුරාම මොහු ගැන නිරීක්ෂණයේ යෙදීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ඊයේ පස්වරුවේ පිහි ප‍්‍රහාරය එල්ල කර විනාඩි කිහිපයක් ඇතුළත මොහුට වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට හැකි වන්නේ මේ නිසාය.
මොහු නිරීක්ෂණයේ යෙදී සිටි සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් විනාඩියක් ඇතුළත මොහුව නිෂ්ක‍්‍රීය කිරීමට සමත්ව ඇත.
කෙසේ නමුත් ඒ අතරතුර මොහු පුද්ගලයන් හයදෙනකුට පිහියෙන් ඇන ඇති අතර ඉන් තිදෙනකු බරපතළ තත්ත්වයේ පසු වෙති. මොවුන්ගේ බෙල්ලට හා පපුවට පිහියෙන් ඇන තිබේ.

නවසීලන්ත අගමැතිනි ජසින්තා ආඩන් ප‍්‍රකාශ කර ඇත්තේ මේ පුද්ගලයා ඉතාම දැඩි ලෙස අන්තවාදයට නැඹුරුව සිටි පුද්ගලයකු බවත් මොහු ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටි බවයි. 2019 මාර්තු මාසයේ නවසීලන්තයේ කයිස්චර්ට්හි මුස්ලිම් පල්ලි කිහිපයකට එල්ල වූ ප‍්‍රහාරයකින් පුද්ගලයේ 51 දෙනෙක් මරණයට පත් වූහ.
මෙම ප‍්‍රහාරකයා මීට පෙර ද අන්තර්ජාලය හරහා අයිසිස් සංවිධානයට සිය සහයෝගය පළ කර තිබූ බව නවසීලන්ත මාධ්‍ය සඳහන් කරයි.
මොහු මීට පෙර 2017 දී සිරියාවට යෑමට උත්සාහ කර ඇති අතර එහිදී බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව වසරක් සිරගතව සිට තිබේ. මුස්ලිම් නොවන අය ඝාතනය කළ යුතු බවට මොහු ප‍්‍රකාශ කර තිබේ.
මෙම ප‍්‍රහාරකයා මරු විකල්ලෙන් මෙන් තමා දෙපස සිටින සියල්ලන්ටම පිහියෙන් ඇනගෙන ඇනගෙන ගිය බව මෙම සිද්ධිය දුටු කාන්තාවක් ප‍්‍රකාශ කර තිබේ. නවසීලන්ත අගමැතිනි පවසන්නේ මෙය අයිසිස් මතවාදයෙන් ප‍්‍රහර්ෂයට ලක්ව එල්ල කරන ලද තනි වෘක්ක ප‍්‍රහාරයක් බවයි.
නවසීලන්ත පොලිස්පතිවරයා පවසා ඇත්තේ මේ ත‍්‍රස්තවාදියා ශී‍්‍ර ලාංකිකයෙක් බවයි.
චතුර පමුණුව