ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී (18දා) ඇරඹූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට නවසීලන්තය ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ ලකුණු 50ක් පසුපසින් රැඳී සටියා. නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකාව පලමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 305ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබාගෙන සිටියා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් සිය සිව්වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් ලකුණු 114ක් රැස් කළහ. කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබාගනිමින් ඔහුගේ 19 වන ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්හ.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 30 සහ පැතුම් නිශ්ශංක ලකුණු 27 ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළහ.
පන්දු යැවීමේදී කැපී පෙණෙන දස්කම් දැක්වූ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක විලියම් ඕ’රොකී කඩුලු පහක් සහ ග්ලේන් පිලිප්ස් කඩුලු 2ක් බිඳ හෙලුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේදී කඩුලු 3ක් අතැතිව ක්‍රීඩා පිටියට පැමිණියත් ලකුණු තුනක් වැනි අඩු සංඛ්‍යාවකට කඩුලු 3නම දැවී ගියහ.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 305 හඹා යෑමට නවසීලන්තයේ මුල් පිතිකරු යුගලය වන ටොම් ලැතම් සහ ඩෙවොන් කොන්වේ පිටියට පිවිසි අතර ඉතා අලංකාර ලෙස පන්දුවට පහර දෙන ආකාරයක් නවසීලන්ත ක්‍රීඩක ටොම් ලැතම්ගෙන් දිස්විය. කෙසේ වෙතත් නවසීලන්ත පළමු කඩුල්ල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූ අතර ඒ ඩොවෝන් කොන්වේ ක්‍රීඩාගාරයට යවමිනි.
නවසීලන්තයේ මුල් කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 63ක් ලබා සිටි මොහොතේදීයි.
ටොම් ලැතම්ට එක්වූ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන දෙමින් ක්‍රීඩා කළේය.
ඉන්පසු ටොම් ලැතම් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවට දැවී ගියේ ලකුණු 70කටයි.
ඉතාම පහසුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසීලන්තය ලකුණු ලබා ගැනීමේ කාර්යයේ නිරත වන අතර ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියට රිසිසේ නවසීලන්ත පිතිකරුවෝ ලකුණු රැස් කළහ.
තෙවැනි කඩුල්ල නවසීලන්ත පිලේ ලකුණු පුවරුව 187 තිබියදී දැවී ගිය අතර ක්‍රීඩාගාරයට හරවා යැවූ පිතිකරු වූයේ කේන් විලියම්සන්ය.
සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගිය නවසීලන්ත කණ්ඩායමේ රචින් රවීන්ද්‍රයි. ඔහු ලකුණු 39කට දැවී ගිය අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට නවසීලන්ත පිල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 255ක් ලබා සිටියහ. පන්දුවට පහර දෙමින් සිටින්නේ ඩැරිල් මිචෙල් සහ ටොම් බ්ලන්ඩල්ය.
ශ්‍රී ලංකා පළමු ඉනිම 305
කමිදු මෙන්ඩිස් 114
කුසල් මෙන්ඩිස් 50
ඇන්ජලෝ මැතිව්ස් 36
දිනේෂ් චන්දිමාල් 30
නවසීලන්ත පළමු ඉනිමේ පන්දු යැවීම
විලියම් ඕ’රොකී 55/5
අජාස් පටෙල් 60/2
ග්ලේන් පිලිප්ස් 52/2
නවසීලන්ත පළමු ඉනිම 255/4
ටොම් ලැතම් 70
කේන් විලියම්සන් 55
රචීන් රවින්ද්‍ර 39
ශ්‍රී ලංකා පළමු ඉනිමේ පන්දු යැවීම
ධනංජය ද සිල්වා 31/2
රමේෂ් මෙන්ඩිස් 69/1
ප්‍රභාත් ජයසූරිය 99/1
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි