තරග 3 කින් සමන්විත එක්දින සහ පන්දු වාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ද්වි පාර්ශ්වීය තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔවුහු 2012 වසරේදී පන්දු වාර 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.
දෙරට අතර එක් දින තරගාවලිය ලබන 27 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත අතර කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි තරග ජුනි 30 සහ ජූලි 03 වැනි දිනවලදී ගාල්ලේදී පැවැත්වේ.
ඉන්පසුව තරග 3 කින් සමන්වි2ත පන්දු වාර විස්සයි-20 තරගාවලිය ජූලි මස 08 වැනිදා පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වන අතර ඊට පෙර ජූලි මස 06 වැනිදා නවසීලන්ත කාන්තා පිල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සමග පුහුණු තරගයකට සී.සී.සී. පිටියේදී සහභාගිවීමට නියමිතය.
මේ දක්වා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාන්තා එක්දින තරග 10ක් සහ විස්සයි විස්ස තරග 10ක් පවත්වා තිබෙන අතර එම තරග සියල්ලම නවසීලන්තය ජය ගෙන තිබේ.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වසරේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඊට සෘජුව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 5 තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලීගයට මෙම එක් දින තරගාවලිය අයත් වේ.
දැනට යාවත්කාලීන වී තිබෙන 2022 – 2025 අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව, ශ්‍රී ලංකාව කණ්ඩායම් 10ක් අතරින් 7 වැනි ස්ථානයේ සිටින අතර නවසීලන්තය එහි තෙවැනි තැන පසු වේ.
තරග කාලසටහන:
ජුනි 27 – පළමු එක්දින තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ජුනි 30 – දෙවැනි එක්දින තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ජූලි 3 – තෙවැනි එක්දින තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ජූලි 6 – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු තරගය – සීසීසී ක්‍රීඩාංගණය
ජූලි 8 – පළමු විස්සයි විස්ස තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය
ජූලි 10 – දෙවැනි විස්සයි විස්ස තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය
ජූලි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය
කුෂාන් සුබසිංහ